'දූවිල්ලෙන් සැදුනු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය.'
මතක මස්තකය වෙත ඇසිල්ලෙහි දිව ආවේ අළු බදාදා දිනය යි. කිතුනු විශ්වාසයට අනුව ලොව මැව් දෙවියන් වහන්සේ මිනිසාව මවා ඇත්තේ පොළෝ පස් (දූවිල්ල) මිටක් සියතට ගෙන ඊට ජීවන හුස්ම හෙලීමෙන් යැයි සඳහනක් ඇත. එසේ නිර්මාණය වූ මනුෂ්‍යයා නැවතත් දුහුවිල්ල බවට එසේත් නැතිනම් කවදාක හෝ මේ මහා පොළෝ තලයටම පස් වනවා යන සදාතනික ධර්මතාවය සිහි කරන්නේ මේ සුවිශේෂී අළු බදාදා දින යි. 18 වන සියවස තරම් දුරාතීතයේ දී ආරම්භ වන වැනීසියේ සැණකෙළිය, සති දෙකක පමණ කාලයක් පවත්වා පෙර කී අළු බදාදා දිනට පෙර දින එනම්, ශ්රෝව් අඟහරුවාදා දින අවසන් කරනු ලැබේ. මේ ගත වන්නේ වැනීසියේ සැණකෙළිය අවසන් වීමට මත්තෙන් ඉතිරිව ඇති ඒ එකම දිනයයි. එනිසාම වෙන කවරදාකටත් වඩා වැනීසිය විසිතුරු වී ඇත. වර්ණවත් වී ඇත. අප කතා නායිකාව මේ මොහොතේ සිටින්නේ ද එකී අරුමැතිය හිතේ හැටියට විඳිමිනි.
විත්රූ උමයංගනා මඩහපොල යන අයව හඳුන්වා දීමේ පෙරෙට්ටුව පසෙකට කරමින් ඇගේ දෘෂ්ටි කෝණයෙන් ඉතාලියේ වැනීස් නුවර සුන්දරත්වය විඳීම අගනේ යැයි තීරණය කළෙමි. යුවතියගේ වත්මන් නැවතුම වූයේ වැනීස් නුවර ඇති, එහි ප්‍රධානතම ඇල මාර්ග වලින් එකක් වන ග්‍රෑන්ඩ් කැනෑල් හරහා වැටී ඇති සුප්‍රසිද්ධ රියාල්ටෝ පාලම ය. ග්‍රෑන්ඩ් කැනෑල් ඇල මාර්ගය හරහා වැටී ඇති විවිධාකාර වූ පාලම් හතරෙන් පැරණිතම මෙන්ම සුප්‍රසිද්ධම පාලම වන්නේ ආරුක්කු ආකාරයට නිමවා ඇති සෙල්මුවා රියාල්ටෝව ය. එහි ගල් බැම්ම මත වැලමිට රඳවාගෙන ඒ මතට බර දෙමින් චිත්රූගේ දෙනයන ජල කඳ මත පාවෙන්නා වූ සාම්ප්‍රදායික ගොන්ඩෝලාවක් මත ඇලී තිබුණි.
සුන්දර වැනීසියටම ආවේණික වූ පැතලි පතුලක් සහිත දිගැති දැවමුවා බෝට්ටු විශේෂයක් වන මේ ගොන්ඩෝලාව වැනීස් සංචාරයට පැමිණෙන කොයි කවුරුන් වුවත් මඟ නො හරිති. විශේෂයෙන්ම පෙම්වතුන්, මේ රෝමාන්තික සවාරිය අතපසු කර ගැන්ම සලකන්නේ විශාල පාඩුවක් ලෙස ය. එනිසාම තරමක මුදල් ප්‍රමාණයක් වැය වුණ ද එක් වරක් හෝ ගොන්ඩෝලා සවාරියකට කැමැත්ත සියලු දෙනා තුළම ඇත. දැන් දැන් චිත්රූ ද පිපාසිතව සිටින්නේ මෙකී සවාරියක් වෙනුවෙනි.
CZYTASZ
වත්සුණු || Wathsunu
General Fictionඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance