අහඹු හමුවීම් වලට වූයේ අනියත බියකි. දශක ගණනාවක අතීතයක් හිමි පරම්පරා ගණනාවක මාන්නය හිස දරා සිටි මඩහාපොල වලව්වෙහි එකම දියණිය පෝෂණය වූයේ එලෙස ය. නමුදු ඒ තුරුණු සිත ඒ අහඹු සිදුවීම් කෙරෙහිම අමුතු ආශාවකින් බැඳී සිටියා ය. බියත් ආශාවත් මුහු වූ ඒ අමුතුම රසය ඇගේ දිව අග්ගිස්සෙහි හරියාකාරව තැවරූ මනුෂ්‍යයා ඔහු යැයි පැවසීම වරදක් නැති ය. ඔහු ගැන ඈ සිතෙහි ඇති වූ කුතුහලයට එක් හේතුවක් වූයේ ද එයයි.
"ඇත්තටම එයා මොන වගේ කෙනෙක්ද?"
ඇහිබැමි ද්විත්වය ඉහළ ගියේ කුතුහලයෙනි. සජානා කුලෑටි සිත්තරාවියගෙන් එවැන්නක් බලාපොරොත්තු නො වුනා විය යුතු ය. නමුත් ඇය සුහදශීලී සිනහාවක් සමඟ මෙලෙස විමසුවා ය.
"මොනාද ඔයාට දැනගන්න ඕනි?"
"මට එයා මොන ජාතියෙ කෙනෙක් ද කියලා අදහසක් ගන්නයි ඕනි"
සජානා මත වූ දෑස් නැවත ඈත ඉමකට සීරු මාරු වූවා ය. සියුමැලි සිත ලතැවිල්ලක ය.
"මට එයා ගැන කියන්න පුළුවන් හරිම සීමිත ප්‍රමාණයක් විතරයි. ඉතිරි කියවීම භාර ඔයාට චිත්රූ"
සියල්ලටම පෙර සත්‍ය මතක් කර දීමට සජානා කටයුතු කළා ය.
"මිහිදුම් කියන්නෙ මට හම්බෙච්ච ඉන්ටරෙස්ටින් මිනිස්සු අතලොස්සෙන් උඩම ඉන්න චරිතයක්. එයාගෙ ට්‍රැක් එක වෙනස් කියලා ඔයාටත් තේරෙනවා ඇතිනේ. ඒකනෙ ඔයා මෙහෙම මගෙන් අහන්න ඇත්තෙත්..."
චිත්රූ හිස බොහෝ සෙමෙන් ඉහළ පහල කළා ය. ආගන්තුකයන් හමු වූවා නම් ඒ සහෘදයා සමීපයේ සහ රූ කලාගාරය තුළ දී පමණි. උන් හා ගැඹුරු සන්නිවේදනයක් සිදු වුණා යැයි කියන්නට නොහැක. නමුත් සරල කියවා ගැන්මක ඉඩ කඩ බොහෝ විට ලැබිණි. මන්දයත් යමෙකු ප්‍රිය කරන කලා සිතුවමකින් ඔහු හෝ ඇය ගැන බොහෝ දේ තීරණය කළ හැකි ය. පිළිගත යුතුම කරුණ නම් හමු වූ දා සිටම මිහිදුම් පෙර කී සියල්ලටම වැඩියෙන් ඉහළින්ම ලැයිස්තු ගත වී සිටීම ය.
"මිහීගෙ ෆැමිලි එක බිස්නස් ෆැමිලි එකක්. හොඳට සැපට කාලා ඇදලා ඉන්න පුළුවන් සල්ලියක් තියෙන කොල්ලෙක්. ඒවගේම ෆැමිලි එකේ එල්ඩස්ට් සන්. බිස්නස් බලාගන්නත් පැවරුණේ එයාටමයි. හැබැයි පොර ඒ ටික කළේ වින්මුතු, ඒ කියන්නෙ එයාගෙ මල්ලිට කම්පැනි එක භාරගන්න තරමට එක්ස්පීරියන්ස් හැදෙනකම් විතරයි. ඊට පස්සෙ ඔක්කොම පොඩි එකාට තල්ලු කළා, උගෙ පංගුව ගත්තා. එළියට පැන්නා."
ESTÁS LEYENDO
වත්සුණු || Wathsunu
Ficción Generalඇය නිරුවතත් කලා ඇසකින් දකින සිත්තරාවියක්... ඔහු අසීරුම තැනදිත් සැහැල්ලුවම සොයන මං සරන්නෙක්... #contemporaryfiction #sinhalanovel #mturethemes #romance