සිව්වන පරිච්ඡේදය

3.4K 327 29
                                    

මට හෙම්බිරිස්සාවක් හැදුනත් දෙනූට කියන අපේ එකා මේක එයාට නොකියා ඉන්නෙ නෑනෙ කොහොමත්. හැබැයි තාම අපේ අම්මලටවත් කිව්වෙ නෑ. එදා ඩිනර් එකෙන් පස්සෙ මං එයාලව දැක්කෙත් නෑ. එයාල එද්දිත් මං නිදි. යද්දිත් මං නිදි.

ඊලග දවසෙ හවස ඔන්න දෙනූ ආවා කඩාගෙන බිදගෙන. එහෙමම නෙවේ. ඒත් හදිස්සියෙන් ආවෙ. එයා මේ දවස් ටිකේ ගොඩක් බිසී. කම්පනි එකේ වැඩ විතරක් නෙවේ එයා තව ඉගෙනත් ගන්නවනෙ. එයා ග්‍රැජුඒට් උනාට තව ඉස්සරහට ඉගෙනගන්නවා. මං නම් ඕව ගැන වැඩිය දන්නෙ නෑ.
"පොඩී ආයෙ ඒලෙවල් කරනවා කියලා අවී කිව්වෙ ඇත්තද?" දෙනූ ඇහුවෙ ස්පෙක්ස් දෙකටත් උඩින් මං දිහා බලන ගමන්. මං කොහොමත් එයාට වඩා උස නිසා එයාට ඔලුව උස්සලා බලන්න වෙනවා

"හ්ම්."
"ආර්ට් වලින්?" අපේ එකා ඔක්කොම සවිස්තරාත්මකව කියල තියෙන්නෙ.
"හ්ම්."
එයා මොකුත්ම කිව්වෙ නෑ. හිනාවීගෙන මං දිහා බලන් හිටියා.
"මට හරි සතුටුයි පොඩී ගැන. මේ දවස්වල මට එක්සෑම්  එකක්. ඒක ඉවර උනාම මාත් පොඩීට උදව්කරන්නම්කො."

ඈ ඒ කොහොමද. එයා කලේ කොමස්. එයාට ආර්ට් තේරෙනවයැ. සමහරවිට තේරෙනව ඇති. එතකොට මට විතරද කිසිම විෂයක් තේරෙන්නෙ නැත්තෙ. 🥲 අයි ඈම් ජෙලස් ඔෆ් ඉන්ටලිජන් පීපල්.

"මං පොත් ටිකක් ගෙනාවා. හවස එන ගමන් ගත්තෙ. තව හොද පොත් දැක්කොත් අරං එන්නම්. නෝට් ඉල්ලගත්තා කිව්වා නේද සමීරගෙන්? ඒක හොදයි. ක්ලාස් ටික්කුත් හොයාගන්න. වැදගත් ම දේ පාඩම් කරන එක." දෙනූ කියවගෙන කියවගෙන යනව.

බ්ලාහ්..බ්ලාහ්.බ්ලාහ්.. ඔලුව වනල වනලම බෙල්ලෙ ජොයින්ට් එකත් පැනලා වගේ.

මට උපදෙස් දීලා දීලා පොතුත් දීලා එයා යන්න ලෑස්ති උනා. අයියා කිව්වා තව ටිකක් ඉන්න කියලා. ඒත් එයාට එක්සෑම් නිසා යන්න ඕනි කිව්ව. අද අපේ අයියටත් හොදවැඩේ මොකද තාත්තා මොකද්ද බිස්නස් වැඩක් ගෙදර ඉදන්ම කරන්න භාරදීලා ගිහින්. නාහෙන් අඩ අඩා හිටියෙ. ඒනිසා අද දෙනූව ඩ්‍රොප් කරන්න යන්න විදිහකුත් නෑ.

"මං අයියව ඩ්‍රොප් කරන්නම්." මං කිව්වෙ ඒ නිසා.
"උබට පුලුවන්ද?"
"මට ලයිසන් තියනව ඕයි." මං අයියට රැව්වා. මං ඒලෙවල් ඉවර වෙලා මොනව නැතත් ලයිසන් ගත්ත. මං වාහනේ අරං නොයන එක වෙනම කතාවක්.
"පොඩීට කරදරේ නෙ.?"
ඔව්. ඒත් කරන්න දෙයක් නෑනෙ කියල කියන්න මගෙ කටටත් ආව. ඒත් කිව්වෙ නෑ දෙනූ නිසා. ඇත්තටම මට මොකද්ද තියන කරදරේ.. මෙයාට නම් පිස්සු. මට වෙලාවකට ඕනවට වඩා ජෙන්ට්ල් මිනිස්සු එක්ක කේන්තිත් යනවා.
"නෑ නෑ එහෙම නෑ."

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now