ඊලඟ දවසෙත් මං කොහොමහරි හිත හදාගෙන වැඩට ආවා. මගෙ හිතට හරි බරයි. ඔලුවත් එක්ක අවුල් වෙලා වගේ. ඒත් ඇහැරුනු වෙලේ ඉඳන් අජී මගෙ හිත හැදුවා. මං හිතන්නෙ මං අද මේ විදිහට යන්නෙ මගේ ශක්තියෙන් නෙවේ, එයාගෙ ශක්තියෙන්. එයාගෙ වචනවල ශක්තියෙන්.
මං අද කලින් ආවා. මොකද අර අමුතු බැල්මවල් උදේම දැක්කම මගෙ දවසම අවුල් වෙන හින්දා. අජී අද මට බ්‍රෙක්ෆස්ට් එකක් ලෑස්ති කරලා දුන්නා. මං දන්නෙ නෑ ඒක අහම්බයක්ද නැත්තන් මං උදේට කෑවෙ නෑ කියලා එයා දැනගෙනද කියලා. ඒ කොහොම උනත් එයා හදලා දුන්නු සැන්ඩ්විචස් ටික මං අරන් ආවෙ හරිම ආසාවෙන්.
මං ඔෆිස් එකට එද්දි කවුරුත් නෑ. මං මගෙ රූම් එකට ගිහින් ටිකක් වෙලා ඉඳලා අජී දීපු ලන්ච්බොක්ස් එක ඇරියා. ඒක දැක්කම මට හයියෙන් හිනාගියා.. මොකද මේකා සැන්ඩ්විචස් හාට් එකේ හැඩේට කපලා. කොහොම කරලද මං දන්නෙ නෑ. බඩගින්නටත් වඩා ආසාවටම මං ඒ ටික කාලා දැම්මා. මෙයා මාර හස්බන්ඩ් මැටීරියල් නෙ බලන් යද්දි. මොනවද මං මේ හිතන්නෙ.. අජී තවුසෙ නිසා මට පිස්සු හැදීගෙන එන්නෙ දැන්.
මං මේසෙන් ඔලුව තියාගත්තා. මට ඇහෙනව එලියෙන් එන සද්ද. එක්කෙනා දෙන්නා ඔෆිස් එකට එනවා. මං ඔලුව උස්සන්නැතුවම හිටියා.. මං එහෙම ඉද්දි එළියෙන් බලන කෙනෙකුට ඇතුලෙ කවුරුත් ඉන්නවා වගේ පේන්නෙ නෑ. ඒකත් හොඳයි.
ටික ටික එලියෙ සද්දෙ වැඩිවෙද්දි මං හිතුවා ඔක්කොමලා ඇවිත් ඇති කියලා.. සමහරු හිනාවෙනවා.. කියවනවා.. හෙන කාලගෝට්ටියයි. ඉස්කෝලයක් වගේ. මාත් ඔහේ ඒවට ඇහුම්කන් දීගෙන හිටියා. ඇහුම්කන් දුන්නමත් නෙවේ.. කොහොමත් මට ලාවට ඇහෙනවා මොකද සවුන්ඩ්පෲෆ් නෑනෙ.
"හායි~"
එළියෙන් ඇහෙන කටහඬවල් අස්සෙන් පුරුදු කටහඬක් ඇහුනා. දුලී ඇවිත්. මට සතුටු හිතුනත්, ඊයෙ දවස මතක්වෙලා ඒක නැතිවෙලා ගියා.
"හායි මිස් දුලී. කෝ අද මිස්ගෙ මහ ලොකු යාලුව නැද්ද?"
එලියෙන් ඇහෙන සංවාදෙට මං කන්දීගෙනම හිටියා.
"කවුද අනේ?"
"මිස්ට දෙනුවන්. වෙන කවුද ඉතින්.."
YOU ARE READING
හඹායමි ඔබව (SINHALA BL)
Romanceඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්