තිස් තුන්වෙනි පරිච්ඡේදය

2.6K 227 122
                                    

පහුවදා උදේ අයියා ගියා දෙනූව එක්කන් එන්න. මං මගෙ ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දෙවෙනි දවස අද. පළවෙනි දවස එදා කුස්සියෙ දි දෙනූ ආදරෙයි කිව්ව දවස... මං අද උදේම නැගිටලා මේරි එන්නත් කලින් ගේ පවා අතුගෑවා. එයාට ලෑස්ති කරපු රූම් එකට ආයෙ ගිහින් බැලුවා මොකුත් අඩුපාඩුවක් තියේද කියලා. ඒ රූම් එක ලොකුයි. ඩබල් ඇඳයි, මේසෙයි, අල්මාරියයි.. මේසෙ ගාව ජනේලෙ. ජනේලෙන් මිදුල පේනවා. දෙනූට නිදහසේ හිටියහැකි. එයා මේ මේසෙ ළඟ ඉඳගෙන, ස්පෙක්ස් දාගෙන බැරෑරුම් විදිහට පොතක් කියවනවා මට මැවිලා පෙනුනා. මගෙ පණ්ඩිත බෝයිපෙන්. 😄 හිතද්දිත් මගෙ හිත සතුටින් පිරිලා ගියා.

මං ඇස් දෙක වහගෙන අත් දෙක දෙපැත්තට දික් කරන් රවුමක් කැරකුනා.. කුචු කුචු හෝතාහේ වගේ..

මට තනියෙනුත් හිනා යනවා දෙයියනේ.. දෙයියොත් දෙන කොට දෙනව ඇට්ටි හැලෙන්න.. මං සතුටෙ කිමිදිලා.. ඇස් දෙක ඇරලා, කාමරේ සිරි විඳලා ඉවර නිසා එළියට යන්න දොර පැත්තට හැරුනා. එතකොටම..

මෙන්න මේරි ඉන්නවා ඇස් දෙකත් ලොකු කරන් මං දිහා බලාගෙන.

සැක්. සැක්. සැක්ම සැක්. මගෙ කුචු කුචු හෝතාහේ ඩාන්ස් එකත් දැක්කද දන්නෙ නෑ. මොන ලැජ්ජාවක්ද මේ!! වහ නැද්ද වහ? මං උඩ බලාගෙන එළියට ඇවිත් පස්ස නොබලා පඩිපෙලින් උඩට දිව්වා. මේරිත් ඒ වෙලාවෙම ආවනෙ. දැං අයියට කියයිද දන්නෙ නෑ පොඩිමහත්තය උදේ මේ කාමරේ නටනට හිටියා කියලා. ඔය වෙලාවට තමා පුප හපාගෙන මැරෙන්න හිතෙන්නෙ.

මං ලැජ්ජාව යන්නත් එක්ක බැල්කනි එකට ඇවිත් පාර දිහා බලන් හිටියා මගෙ සුර කුමාරය එනකන්.
එනකන් බලන්~ වෙනදා වගේ~

නිකන් එන්නත් බෑනෙ. බඩු පැක් කරන් ඔක්කොම ලෑස්ති කරලා, දොරවල් ලොක් කරලා අරක මේක ඔක්කොම කරලා එන්න එපැයි. දෙනූ මෙලහට ඔලුව ගිනිඅරන් වගේ ඇති. ඩොක්ට කියපු කතාව සහතික ඇත්ත. එයා බොරූවට මුලු ලෝකෙම ඔලුව උඩ තියන් ඉන්නවා වගේ හැසිරෙන්නෙ. මං ඉතිං ඉස්සර දන්නෙ නෑනෙ ඕක GAD කියලා. ඔයාලත් බොරු දේවල් වලට worry වෙන එක නවත්තන්න. අන්තිමට ලෙඩ්ඩු වෙලයි නවතින්නෙ. ප්‍රශ්න නැත්තෙ කාටද.. ඒව ගැනම හිතන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ.. So, take it easy.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now