ළා වැස්සක් වැහැගෙන ගියපු නිසා වෙනදට වඩා හීතලක් තිබුනා. තාමත් වැහි බිංදු එකදෙක වහලෙට වැටෙන සද්දෙ පැහැදිලිව ම ඇහෙනවා පරිසරය නිශ්ශබ්ද නිසා.. මං දන්නෙ නෑ මට දැනෙන හැටිද කියල, ඒත් මොකක්හරි සුවඳකුත් නහයට දැනුනා.. මං හිතන්නෙ රෑ පිපිච්ච මලක. මගෙ හිත, ගත දෙකම තිබ්බෙ දිව්‍යලෝකෙන් එහා.. මේ හැමදේම මැද්දෙ තාමත් අමාරුවෙන් හුස්ම අල්ලන්, කෙඳිරිලි තොල් අස්සෙ හිරකරගත්තු එයා දිහා මං ආදරෙන් බලන් හිටියා..පැයකට විතර කලින් පටන්ගත්තු වැඩේ තාමත් අතරමග. හුඟ කාලෙකට පස්සෙ නිසාද මන්දා.. මට එයාව වෙනදටත් වඩා ආදරෙන් torture කරන්න හිතුනෙ.. ඉතින් එයාගෙ හැම අඟලක්ම විඳින්න මං වෙනදා වගේ දෙතුන් ගුණයක් කල්ගත්තා.. මාස ගාණකට පස්සෙ එයා කොච්චර ඇදිලා ගිහින්ද කියන එක මට හොඳටම පෙනුනෙ එයාගෙ සුදුමැලි සිරුරෙන් ඇඳුම් එකදෙක ගැලවුනාට පස්සෙ. ඇත්තටම මට සතුටකට වඩා දුකක් දැනුනා මුලින් දෙයියනේ එයා ඇත්තටම කොච්චර මානසිකව වැටිලා ඉන්නැද්ද කියලා. ඒත් මං ඒ ගැන ආයෙ ආයෙ කතාකරේ නෑ. කතාකරලා වැඩක් නෑනෙ, මං නිසයි ඒ හැමදෙයක්ම.
එයාගෙ ගැඹුරු කොලර්බොන් වල ඉඳලා, දෙපතුල් දක්වාම මං හාදු තියන්නැති. ඒක lust එකටත් වඩා හදවතින්ම මට දැනුනු හැඟීම නිසා කරපු දෙයක්. මගේ හැම හාදුවක් ම එයාට මහමෙරක් වගේ කියලා මට දැනුනෙ ඒ හැම හාදුවක් ගානෙම එයාගෙන් පිටවුනු බර හුස්ම නිසා. කොච්චර ලොකු ආදරයක් ඒ පපුව අස්සෙ හිරකරන් ඉන්නවා ඇත්ද..
"අජීහ්.. මො..මොනවද කල්පනා කරන්නෙහ්.."
එයාගෙ දාඩියෙත් තෙත්වුනු සීතල අත්ලවල් ඇවිත් මගේ කම්මුල් දෙපැත්තෙ නතරවුනා.. එයා කතාකරේ මුමුණනව වගේ. කොහොමත් අපිට වැඩියෙ සද්ද කරන්න බෑ අම්මයි අක්කයි ඇහැරෙන නිසා.
"මොකුත් නෑ වස්තුව." මං ඒ සීතල අතකට හාදුවක් තියන ගමන් කිව්වා..
හැමදෙයක්ම පටන්ගත්තෙ හෙමින් උනත්, එයාගෙ ආදරේ වෑහෙන කාන්දම් ඇස් නොසෑහෙන්න මාව ඉල්ලන බව දකිද්දි, වේගෙන් ඉහළ පහළ යන පපුවත් එක්කම එයා කැඩි කැඩී මගේ නම මුමුණද්දි වෙනදා වගේම එයා මගේ, මගේ විතරමයි කියන හැඟීම මගේ ඉවසීමෙත් සංයමයෙත් දොරගුලු කඩාගෙන සුනාමියක් වගේ මගේ ඔලුවෙ ආත්මාර්ථකාමී හැඟීම් අවදිකරා..
YOU ARE READING
හඹායමි ඔබව (SINHALA BL)
Romanceඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්