තිස් එක්වෙනි පරිච්ඡේදය

2.3K 220 50
                                    

හරියටම දවස් දෙකකට පස්සෙ මං දෙනුත් එක්ක psychiatrist කෙනෙක්ව හම්බෙන්න ගියා. එයාව ඇනෙක්ස් එකට දාලා ගෙදර එනකනුත් ගෙදර ආවට පස්සෙත් මං දිගටම කල්පනා කළේ psychiatrist කිව්ව දේවල් ගැන. දෙනූ මාව අඳුන්නලා දුන්නෙ එයාගෙ කසින් කියලා. වෙන ඉතිං කියන්න දේකුත් නෑනෙ.

ඊටපස්සෙ ඉස්සරලම අපි දෙන්න එක්කම කතාකරල, ඊටපස්සෙ අපිට වෙනම කතාකරා. එයාට කතාකරලා ඉවර වුනාට පස්සෙ psychiatrist මට කතාකළා. මට තාමත් ඒ කියපු දේවල් අකුරක් නෑර මතකයි.

"මිස්ටර් අජීනු, මං ඔයාගෙ කසින් එක්ක කතාකළා. එයා කියපු දේවල් සහ මගෙ අත්දැකීම් එක්ක මට මේ ගැන නිශ්චිතවම කියන්න පුළුවන්.. ඊටකලින් මට කියන්න මිස්ටර් අජීනු මිස්ටර් දෙනුවන්ට ගොඩක් කිට්ටුයිද? එයාගෙ පවුල් පසුබිම, ජීවන වටපිටාව ගැන දන්නවද?"

"ඔව් ඩොක්ට."

"හොඳයි. මිස්ටර් අජීනු අහලා තියනවද Anxiety ගැන?.. ම්ම්.. එතකොට මිස්ටර් දෙනුවන්ට තියෙන්නෙත් ඒවගේ තත්වයක්. Anxiety disorders ගොඩක් තියනවා.. ඇත්තටම ඒ තරම් බරපතළ ගණයට නොසැලකෙන ඒවත් තියනවා. එතකොට මිස්ටර් දෙනුවන් ට තියන මේ තත්වය මං හඳුනාගත්ත විදිහට නම් GAD එහෙම නැත්තන් General anxiety disorder කියලා විනිශ්චය කරන්න පුලුවන්. බයවෙන්න එපා. මං පැහැදිලි ව කියන්නම්කො. මේ රෝගී තත්වයේ ස්වභාවය තමයි සාමාන්‍ය පුද්ගලයෙක් worry වෙන මට්ටමට වඩා එහෙම නැත්තන් කනස්සල්ල ට පත්වෙන මට්ටමට වඩා මේ GAD තියන අය worry වෙනවා, කනස්සලු වෙනවා. මේ emotions ඉඳහිට හෝ විශේෂ හේතුවක් මත වෙන දෙයක් නෙවේ. කිසිම හේතුවක් නැතුව පවා වෙන්න පුලුවන්. මේගොල්ලො සමහරවිට මාස ගාණක් නැත්තන් අවුරුදු ගාණක් උනත් මේ තත්වය අත්විඳින්න පුලුවන්. මේකට සාමාන්‍යයෙන් ප්‍රධාන හේතු දෙකක් තියනවා. Experiencing traumatic event or being in a stressful environment. එතකොට මං හිතන්නෙ මිස්ටර් දෙනුවන්ට වෙලා තියෙන්නෙ දෙවෙනි දේ. එයා ගොඩක් ලොකු ස්ට්‍රෙස් එක්ක ජීවත් වෙලා තියනව ඒක GAD තත්වයක් දක්වා උඩුදුවනකන්. එතකොට එයාට තියන ඔය Amnesia තත්වය, ශරීරයේ දුර්වල බව, overthinking, over worrying සහ ගැස්ට්‍රයිටිස් තත්වය මේ GAD වල රෝග ලක්ෂණ."

මට ඩොක්ට කිටපුවා ඇහුනෙ හීනෙන් වගේ. මං ඒ වෙලාවෙ මොනව හිතුවද කියලා මංවත් දන්නෙ නෑ.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now