තිස්වෙනි පරිච්ඡේදය

3.4K 259 45
                                    

මට හැම උදේකම ඇහැරෙන්න ඕනි මේ විදිහට.. මං ආදරේ කරන මනුස්සයව තුරුල් කරගෙන. ඒක හරිම තෘප්තිමත් හැඟීමක්. අපි ජීවත්වෙනවා කියලා එතකොට දැනෙන්න ගන්නවා. මං මට තුරුලු වෙලා සැපට නිදන් ඉන්න දෙනූගෙ මූණ දිහා බලන් කල්පනා කළා. එයාගෙ හුස්ම තාලෙකට ඉහළ පහළ යනවා. ඒත් එක්කම ඒවා උණුවට මගෙ බෙල්ලෙ තැවරෙනවා.

අපි දෙන්නම උදේට කන්නැති නිසා එයාට පාන්දර නැගිටගෙන උයන්න අවශ්‍ය නෑ. ඒත් එයා වෙනදට පාන්දර නැගිටිනවා මොකද එයාට නින්ද යන්නැති නිසා. ඒත් මාත් එක්ක නිදාගද්දි එයාට හොඳට නින්ද යනවා. මං මගේ හිරිවැටුණු අතට හෙණ ගැහිච්ච දෙන් කියලා එහෙම්ම මැරිලා වගේ හිටියා. මොකද මට එයාගෙ නින්ද වටිනවා. ඒත් විනාඩි පහළවක් විතර යද්දි එයා ඇහැරුනා. ඇහැරලා ඇස් දෙක පොතු ඇරඇර මං දිහා බැලුවා. මං එයා දිහා ආදරෙන් බලලා හිනාවුනා. එයත් හිනාවුනා. අපි ඇඳෙන් බහින්න කලින් එකිනෙකා දිහා ටිකක් වෙලා බලන් හිටියා.

එයාගෙ තොලේ ඉදිමුම දැන් බැහැලා ඒත් තාම රතුපාටයි. ඊටපස්සෙ මට ඊයෙ දවස මතක් වෙලා ලැජ්ජාව දරාගන්න බැරිවුනා. ඒත් එක්කම අමුතු සතුටකුත් දැනෙන්න ගත්තා. මං ඉස්සරහට නැමිලා එයාගෙ තොල් වලින් පෙක් එකක් තිබ්බා. එයාගෙ ඇස් උඩ ගිහින් එකපාරටම කම්මුල් දෙක රතුවුනා.
"මොනවද කරන්නෙ.. කෝ අහකට වෙන්න." එයා මගෙ පපුවට අත් තියලා මාව ළාවට තල්ලු කරා.

මං හිනාවෙවීම අහකට වෙද්දි එයා කටත් උල් කරගෙන ඇඳෙන් බැහැලා ගියා. මං ඊටපස්සෙ ෆෝන් එක ඔන් කරලා ඒක චෙක් කළා. උදේට ඇහැරිච්ච ගමන් ෆෝන් එක චෙක් කරන ලෙඩේ මට තියෙනවා. ඒක නොකරොත් නිකං උදේට තේක බිව්වෙ නෑ වගේ අඩුවක් දැනෙන්නෙ. මං දන්නවා මේක හොඳ habbit එකක් නෙවෙයි.  හෙහ් ඒත් අපි care කරනවද නෑනෙ නෑනෙ..

එතකොට තමයි මං දැක්කෙ සමීරගෙ මැසේජ් ටික. සැක්. ෆෝන් එක සයිලන්ස් දාලා තියන එක මාර කරුමයක් උනානෙ. වෙලාවක සමීරය ඇවිත් මගෙ ෆෝන් එක කුඩුකරල යයිද කියලා මට බයයි.. කොහෙද ඉතිං දෙනූ එක්ක ඉද්දි මට ලෝකෙම අමතක වෙනවනෙ.

"Mn thw tikkin ublge gewl peththe enw."
"Mn awa ko uba?"
"Gono, uba gedr nedd?"
"4n ek blpn miniho."
"Mon deepnkred giye?"
"Tho kthkrnnep aye mth ekk. Blla."
"%#%%$%*-*%#@&*"
"🖕"

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now