අනූ හයවෙනි පරිච්ඡේදය

2.2K 145 186
                                    

Flashback-

අවීනු ඔෆිස් එකේ දොර ඇරියෙ ආවේගෙන්. ඔලුව යකාගෙ කම්මල වගේ. ලන්ඩන් වල ඉඳන් නැන්දා දුන්නු කෝල් එකත් එක්ක කේන්තිය, දුක, කලකිරීම, කලබලය ආදී එකී මෙකී නොකී ඔක්කොම හැඟීම අවීනුගෙ ඔලුව පිස්සු වට්ටලා තිබ්බෙ. මාස ගාණක් සිහියක් පතක් නැතුව ඇතියි කියලා හිතන් හිටිය අජීනු මෙච්චර කාලයක් හොඳින් ඉඳලා කියන එක, අම්මා කරලා තියෙන්නෙ තනිකරම මුලාවක් කියන එක, අම්මා අජීනුව හිරකරන් ලෙඩෙන් ප්‍රයෝජන ගන්න එක.. මේ හැමදෙයක්ම අවීනුට ඇතිකරේ පිළිකුලක්. කොහොමද දෙමව්පියො තමන්ගෙම දරුවන්ට එහෙම කරන්නෙ.

දොර ඇරුනු වේගෙත් එක්ක ගැස්සුනු මිස්ටර් ඒකනායක අවීනු දිහා පුදුමෙන් වගේ බලන් හිටියා. තාත්තා ඉස්සරහ හයියෙන් කතාවත් නොකරන අවීනු මෙතනදි හිටියෙ සම්පූර්ණයෙන් ම වෙනස්වෙලා. ඊටත්වඩා පුදුමසහගත දේ උනේ මිස්ටර් ඒකනායක අවිනූගෙ ඇඟට කඩාපනින්නෙනැතුව නිශ්ශබ්ද ව බලන් හිටපු එක.

කොච්චර කේන්තියෙන් ආවත් අවීනු තාත්තා ඉස්සරහදි කේන්තිය පාලනය කරන් ලොකු හුස්මක් ගත්තා.

"මට කතාකරන්න ඕනි."

අවීනු දිහා බලන් හිටපු මිස්ටර් ඒකනායක ලැප් එක වහලා පැත්තකින් තිබ්බා. අවීනු ඇත්තටම හිතුවෙ තාත්තගෙ අවදානෙ ගන්න එක මීට වඩා අමාරුවෙයි කියලා. ඒත් ඒක එහෙම උනේ නෑ.

"ම්ම්.."

"මං හිතනවා ඔයා දන්නව ඇති කියලා අම්මා අරෙහෙ නටන නාඩගම. කොහොමත් ඔයා ඒක නොදැන ඉන්නවා කියන එක මට පිළිගන්න බෑ!"

"......"

"එයාට මල්ලිගෙ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න මට බෑ. එයා වැදුවා උනාට ඌව හැදුවෙ මම. මට අයිතියක් තියනවා උගෙ ජීවිතේ ගැන. මං ආවෙ මේකෙ දෙකෙන් එකක් බේරගන්න. මං හිතනවා මිස්ටර් ඒකනායක ට කොමන් සෙන්ස් ඇති කියලා."

"අවී-"

"මං කතාකරලා ඉවර නෑ. තවත් උඩ බලන් හිටියොත් අරූට පිස්සු හැදිලා තියෙයි. මං අවුරුදු විසි අටක් තිස්සෙ මේ දේවල් දිහා බලන් හිටියෙ. මං දැන් මේ කරුමක්කාර පවුල එපාවෙලා. මටයි මගෙ සහෝදරයටයි පාඩුවෙ ජීවත්වෙන්න ඕනි. මට පොඩීව මේ සතිය ඇතුලත ලංකාවට ගේන්න ඕනි. තමුන්... ! තමුන් මට ඒකට උදව්කරන්න ඕනි! එහෙම නොවුනොත් මං මගෙ ෂෙ-"

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now