අනූ හතරවෙනි පරිච්ඡේදය

2.2K 172 156
                                    

අයියා එදා හවසම ආ පයින්ම ගියා. ඒත් මං මෙහෙ නැවතුනා. ඇත්තටම මට අයියා කරන්න යන්නෙ මොකද්ද කියලා හිතාගන්න බෑ. ඌ නිකං කිසිම දෙයක් සත පහකට ගණන් නොගෙන, උගේම ක්‍රමේකට වැඩකරනවා වගේ මට පේන්නෙ. මං නැතිවුනු කාලෙ ඇතුළට කොච්චර දේවල් වෙනස්වෙලාද කියලා මට හිතුනෙ ඒ නිසා. අයියා විතරක් නෙවේ දෙනූගෙ අම්මත්.. මේ හැමෝම නොහිතපු විදිහට වෙනස්වෙලා. ඒක නරකක් නෙවේ හොඳක්. මං නැති කාලෙ කොහොමද යැයි යැයි කියලා හාරඅවුස්සලා දෙනූගෙන් අහන්න මට උවමනාවක් තිබ්බෙ නෑ. එයාගෙ ඇස් දිහා බැලුවහම ඒ වේදනාව තේරුම් ගන්න පුලුවන් වෙද්දි, අමුතුවෙන් අටුවා ටීකා මොකටද..

දෙනූ මාව පුදුම පරිස්සමෙන් බලාගත්තෙ. ඇඳේ ම පතබෑවිලා ඉන්න එක තමයි මගේ ප්‍රථම රාජකාරිය උනේ. දෙනූ, අම්මා, අක්කා.. මේ හැමෝම ඇත්තටම ආදරෙන් මට සලකනව. මහා නරක කුණාටුවකට පස්සෙ වසන්තයක් එනවා කියන්නෙ මේකට වෙන්නැති.

ජීවිතේ බලාපොරොත්තු ම උනු දවස් ආයෙමත් ආවා. එයාගෙන් වෙන්වෙලා උන්නු දවස් කල්පයක් වගේ උනත්, මේ දැනෙන සැනසීම ඒ වේදනාවෙ ප්‍රතිඵලයක් කියලා තේරෙද්දි මට ඒ නරක දේවල් ගැනත් සතුටක් දැනෙනවා. කොහොමහරි ආයෙමත් අපි එකතුවුනා.. දැන් ඉස්සර වගේ මට එයාව මවාගෙන සතුටුවෙන්න ඕනි නෑ, ඇත්තටම එයා ඉන්නවා..

මට දැනෙන්නෙ මගෙ ලෙඩ දුක් ඔක්කොම සනීපවෙලා වගේ. ඒත් දෙනූගෙ බලකිරීම ට මාත් එයත් එක්කම therapist කෙනෙක් ගාවට ගියා. අපි දෙන්නම treatments පටන්ගත්තා. ආදරේට හැමදෙයක්ම සනීප කරන්න පුලුවන් කියලා මිනිස්සු කිව්වත්, මගේ අදහස නම් මානසික ගැටලුවලදි අනික් මිනිස්සු මත යැපෙනව වෙනුවට අනිවාරෙන් treatments වලට යන්න ඕනි. ඇත්තටම අපි දෙන්නගෙම මනස අවුල්වෙලා ලෙඩ්ඩු ගානට වැටිච්ච එක අපේ කරුමයක් තමයි. ඒත් අපිට අපිවම ගොඩනගාගන්න පුලුවන් තැන ඉඳන් ආයෙ උත්සාහ කරන එකයි වැදගත්. ගෙවුනු නරක දවස් ආපස්සට හරවන්න බැරි උනත්, වෙනදටත් වඩා ශක්තිමත් ම නැගිටින්න මේක අවස්ථාව නෙවෙයිද..

දෙනූ වෙනදට වඩා වෙනස්. එයා මං ගාවදි මෘදු, ආදරණීය ම දෙනූ උනත්.. එයා ප්‍රශ්නවලට ඕනවටත් වඩා කෙලින් මූණදෙනවා කියලා මට හිතෙනවා. ඒකට හේතුව මං එයාගෙන් ඈත්වෙලා හිටපු අඳුරු දවස් වෙන්නැති. ඒ වෙනුවෙන් සතුටුවෙන්න බැරිඋනත්, මට එයා ගැන අප්‍රමාණ ආඩම්බරයක් තියෙනවා. බලාපොරොත්තු, හීන ඇස් ඉස්සරහම සුනු විසුනු වෙලා යද්දිත්, එයා ඒ බිඳුනු හීන අත් අස්සෙ උණුහුම ට හිරකරං, ආයෙමත් මං එනකන් තනියෙන්ම ආදරේ කරපු හැටි ඇත්තටම ආදරණීයයි.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now