"මට එහෙම හිතෙනවා බං ඌ කියන කතා එක්ක."
"තේරෙන සිංහලෙන් කියපංකෝ රෙද්ද."
"මටත් තේරෙන්නෙ නෑ බන්. කෝකටත් උබ සූදානම් සරීරෙන් හිටපං. එච්චරයි."
"ඌව ෂේප් කරපංකො."
"ෂේප් කරන්න ඉතිං මූ කියන්න එපැයි. උබ වගේම තමයි. හොර කොටියා වගේ ඔක්කොම හිතේම තියන් ඉන්නවා."
"හරි හරි බලමුකෝ.. ඕන ප#ක්."
"තිබ්බා එහෙනම්. මට සිංදුවක් ප්‍රැක්ටිස් කරන්න තියනවා."
"ඕකේ ඕකේ. බායි."
මං කල්පනා කළේ ඒ පාර මොකද්ද මේ වෙන්න යන්නෙ කියලා.. කොහොමත් ඉතිං මං එක්සෑම් එකෙන් පස්සෙ මේ ගැන අයියට කියන්නනෙ හිටියෙ. ඒත් දැන් ඒක ඇත්තටම කරන්න හිතද්දි පොඩ්ඩක් බයත් වගේ. මෙහෙමයි ඉතිං බලන් යද්දි බයවෙන්න දේකුත් නෑ. මොකද අයියා ලව් කරන්නෙත් කොල්ලෙක්ට. අනික ඌ මගෙ බොක්ක. ඒනිසා අයියා කොහොමත් homophobic නෑ.. අවුල තමා දෙනූ අයියගෙ බොක්ක වෙච්ච එක. අනික අපේ පගය හිතුවොත් මං දෙනූව සෙල්ලමට අරන් කියලවත්.. මොකද ඉතිං මූ මගෙ ඩේටින්ග් හිස්ට්‍රි එක දන්නවනෙ.
යෝහ් එක ප්‍රශ්නයක් ගාවට තව ප්‍රශ්නයක්. මටමයි වෙන්නෙ.
මං කොණ්ඩෙ අත් දෙකෙන්ම ඇදගත්තා. ඇත්තටම කොණ්ඩෙ මෙච්චර දික්වෙලා කියලා මට තේරුනේ නෑනෙ.. මොන උට්ටක්ද මේ. කෙල්ලෙක් වගේ.. මං කණ්ණාඩියෙන් බැලුවා. සිරාවටම බෙල්ලෙනුත් පල්ලට වගේ තියනවා. කහනවා කහනවා වගේ.. කොහොමද කෙල්ලො ඔය වහන්තරාවා කඩා විහිදුවගෙන ඉන්නෙ. ඒක දකිද්දිත් මට දාඩියයි වගේ.
මං රබර් බෑන්ඩ් එකක් හොයාගෙන බෙල්ලෙ ගෑවෙන ටික අල්ලල ගැටහැහුවා. නළලට වැටෙන ටිකත් පස්සට වෙන්න පීරුවා. අම්මොහ් දැන් නම් පට්ට සැහැල්ලුවක් දැනෙනවා.
මං එහෙම්ම ඇඳට වැටුනා. ආයෙ නම් ගේ ගිනිගත්තත් ඇහැරෙන්නෙ නෑ. එච්චරයි.
Zzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz .
.
.
.
.
"ආහ් පොඩිමහත්තය ට ගෙවල් දොරවල් මතක්වෙලා තියෙන්නෙ."කවුද යකෝ කන අස්සෙ කෑගහන්නෙ. කවුද මං කොහෙද ඉන්නෙ මේ.. ආහ් මට නින්ද ගියානෙ නේත.. හම්මට ඇඟ රිදෙනවා දහදෙනෙක් එක්ක ගහගෙන වගේ.. අර මායා එකේ වගේ නින්දෙන් මට මොකෙක්හරි ආවේස උනා වෙන්න බැරිද.. එතකොට දැන් ඔය කතාකළේ ඌද.. ටෞකන්ඩ.. ඇස් ඇරියා නෙවෙයි ඇරුනා ටින් ගාලා..
YOU ARE READING
හඹායමි ඔබව (SINHALA BL)
Romanceඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්