පනස් නවවෙනි පරිච්ඡේදය

2K 203 86
                                    

Denu's POV

මං ඔෆිස් ආවෙ දෙකෙන් එකක් විසඳගන්න හිතාගෙන. අලුත් ප්‍රොජෙක්ට් එක පටන්ගන්න නම් මං ස්ටාෆ් එකත් එක්ක කතාකරලා මේ විකාරෙ විසඳගන්න ම ඕනි. මොකද ඒ සෙට් එක මං යටතේ මේ වැඩේ කරන්න බෑ කියලත් ඩිරෙක්ටර් ට කියලා. මං සිංහලෙන් මේක පැහැදිලි කරලා දෙනවා. නැත්තන් මේ ටීම් ලීඩර්කම අතාරිනවා පුලුවන් එකෙක්ට කරගන්න කියලා. මේක මහ පුදුම මානසික වදයක් වුනානෙ.

අජී ත් කිව්වා එහෙම කරන්න කියලා ඒත් එයාගෙ හිතේ මොනව තියනවද කියලා මට තේරෙන්නෙ නෑ. හැබැයි එයා මොනව කළත් ඒකෙන් මට සහනයක් වෙයි කියලා මං දන්නවා. එයාගෙ වචන නිසාමයි මං මේ විදිහට කෙලින් තීරණයක් ගත්තෙ.

මං පණ්ඩිතයා වගේ එහෙම ආවත්, ඔෆිස් එකට ආවහම අර පුරුදු නොසන්සුන්කම ම, අපහසුතාවම දැනෙන්නෙ ගත්තා. කොච්චර හයියට ඉන්න හැදුවත් මිනිස්සු පහළොවට විස්සකට විරුද්ධව එක මනුස්සයෙකුට හිටගන්න එක ලේසි නෑ. අනික මේ මිනිස්සුන්ගෙ හිත්වල මොනව තියනව ද දන්නෙත් නැතුව.. අර ෆොටෝ එක ගැනවත් මට අදහසක් නෑ. ඒකෙ ඉන්නෙ මං ද, කාත් එක්කද, කොහෙද.. මං කවදාවත් වෙන කොල්ලෙක් මේ විදිහට ආශ්‍රය කරලා නෑ අජී ඇරෙන්න. යාලුවෙක්ටවත් ඉන්නෙ අවී විතරයි. එහෙනම් මේ මොකද්ද..

"ගුඩ් මෝනින් සර්."

ඊයෙ මට කතාකරපු පියන් උදේම මුණගැහුනා. මගෙ හිතට දැනුනු මහා මූසල හැඟීම ටිකක් අඩුවුනා. ඒ මනුස්සය ගැන මං අවධානෙන් බලලවත් නෑ. ඒත් අන්තිමට වචනෙකින් හරි උදව් කරේ ඒ මනුස්සය විතරයි.

"ගුඩ් මෝනින්."

මං ඒ අංකල්ට හිනාවෙලා ඇතුලට ආවා. ඇවිත් මං ඉස්සරලම කළේ ලන්ච් එකෙන් පස්සෙ ස්ටාෆ් මීටින්ග් එක ගැන කියලා ස්ටාෆ් එකේ හැමෝටම නෝටිස් යවපු එක.

ඒ මොහොතෙ ඉඳන් ලන්ච් එක වෙනකන් මං ඩොකියුමන්ට්ස් වගයක් අස්සෙ හිරවෙලා හිටියා නැත්තන් ඕක මතක්වෙන වාරයක් ගානෙ මහා අමුතු බයක් දැනෙනවා. මේ වීදුරු බිත්ති අස්සෙ මං තනිවෙලා වගේ දැනෙන්නෙ. දැනෙන්නෙ නෙවේ ඉතිං කොහොමත් එහෙම තමා. තමන්ගෙ හිසට තම අතමය සෙවනැල්ල කියන කතාවත් මට මතක්වුනා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now