මං උදේ ඇහැරෙද්දි දෙනූ හිටියෙ නෑ. එළියෙ ලයිට් දාලා පේනවා. එයා උයනවා ඇති. මං ෆෝන් එකෙන් වෙලාව බැලුවා. හයයි. මාත් අමාරුවෙන් නැගිටගෙන ඇසුත් කහකහ කුස්සියට ගියා. ගිහින් පෑන්ට්‍රි එකෙන් ඉඳගත්තා. නිදිමතයි ඉන්න බෑ අෆ්ෆා.."ගුඩ් මෝනින්." දෙනූ කියනව මට ඇහුනා. මං ඇස් වහගෙන හිටියේ..
"ගුඩ් මෝනින්." මං එහෙම්ම ඉඳගෙන කිව්වා.
"නිදිමතයි නම් තව ටිකක් නිදාගන්න."
මං ඇස් ඇරලා බැලුව. දෙනූ ඉන්නෙ හිනාවෙලා. රෑ තිබ්බ මූඩ් එක සම්පූර්ණයෙන්ම ගිහින්.
එයා මෙහෙම ඉද්දි හරිම ලස්සනයි. නිවිච්ච පෙනුමයි.මං හෙමීට එයාගෙ අතින් අල්ලගෙන මගෙ ළඟට ගත්තා. එයා ඇස් ලොකු කරන් මං දිහා බලන් ඉන්නවා. මං එයා මගෙ කකුල් දෙක මැද්දට අරන් උරිස්සෙන් මගෙ ඔලුව තියාගත්තා. එයා මොකුත්ම කළේ නෑ. ඒත් මං එයාට හේත්තු වෙලාම ඉන්න හින්දද මන්දා එයාගෙ හදවත වේගෙන් ගැහෙනව මට ඇහෙනව. ඒක ලලබයි එකක් වගේ..
"කෝ අහකට වෙන්න.. හොද්ද ලිපේ." දෙනූ ඇඹරිලා මාව එහාට කලා. මං ඔරවගෙන එහාට උනා..
"...."
"මොකෝ මේ.. හරි කෝලමක්නෙ උදේට.." දෙනූ හිනාවෙවී ලිප ළඟට ගියා. මං ඔහේ ඈත බලාගෙන හිටියා. උදේට මට ඇස් ඇරන් හිටියත් නින්ද යනවා.. අම්මෝ පුදුම නිදිමතක් එන්නෙ.ටිකකින් දෙනූ මට කිරි එකක් හදන් ආව. මං පෑන්ට්‍රිය උඩට වෙලාම කකුල් වනවන ඒක බිව්වා. ගෙදර වගේ ම තමයි ඉතින්.. වෙනසක් නෑ.. ඒත් ගෙදරට වඩා පිරිච්ච හැඟීමක් දැනෙනවා. අපරාදෙ අයියටත් එන්න තිබ්බෙ..
"පාඩම් එහෙම කරනව නේද?"
"හ්ම්ම්"
"ක්ලාසුත් යනවනෙ?"
"හ්ම්ම්"
"එහෙනම් හොඳයි. මං ගිය සතියෙම මාර බිසී. මේ සතිය නම් ටිකක් වැඩ අඩුවෙයි."එයා නිවාඩුවක්වත් ගන්නෙ නෑනෙ.. මං එහෙම නම් මෙලහට දමලා ගහලා ගෙදර ඇවිත්.
"ඕනවට වඩා මහන්සි වෙන්න එපා. ඔයත් මනුස්සයෙක්."
එයා මොකුත් කිව්වෙ නෑ. මාත් වොශෲම් එකට ගිහින් මූන හෝදලා කාමරේට ගිහින් ලෑස්ති උනා.
මං එළියට එද්දි දෙනුත් ලෑස්ති වෙනව. ළා දුඹුරු ට්‍රවුසර් එක්කට ක්‍රීම් පාට ෂර්ට් එකක් ඇඳලා ස්පෙක්ස් දාලා.. අම්මොහ්.. ඉස්කෝලෙක සර් කෙනෙක් වගේ.. මට හිනත් ගියා.. මං නිකං අයිආර්සී කාරයෙක් වගේ.

YOU ARE READING
හඹායමි ඔබව (SINHALA BL)
Romanceඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්