හැත්තෑ එක්වෙනි පරිච්ඡේදය

2K 161 75
                                    

ආදරෙයි, රාගයයි දෙකම එකක් වෙලා තනි රේඛාවකට ඇවිත් අපේ හිත් පිස්සු වට්ටන තැනක් එනවා නම් මං ඉන්නෙ එතන. මං ඉන්නෙ සිහියෙන් හුඟක් ඈතට ගිහින්. මනුස්සයෙක් ජීවිතේ විඳින අප්‍රමාණ සැපවල්වලින් එකක් මේක වෙන්නැති.

මීට පැය ගාණකට කලින් එයා කිව්ව වචන කිහිපෙකට මං උඩ විසිවුනා.. ඒත් එයා මට ඒ වචන doubt කරන්න ඉඩක් තිබ්බෙ නෑ. හරියට ඒ දවස වෙනුවෙන් එයා පෙරුම් පිරුවා වගේ.. හැමවෙලාවකම කටර් එක වගේ කියෙව්ව අජීනුත් එයා ඉස්සරහ නිරුත්තර උනා.

හැම හාදුවක්ම, හැම ස්පර්ශයක්ම අලුත්. හැම කෙඳිරුමක්ම, හැම හුස්මක්ම අලුත්. අලුත් නොවෙන අලුත් හැඟීමක මායි එයයි එකටම අතරමං වුනා.

බලාපොරොත්තු නොවුනු ඒත් අනපේක්ෂිත නොවුනු රැයක, රෑ අපි දෙන්න එක්කෙනෙක් වුනා. මුල ඉදන්ම හදවතින් එක්කෙනෙක් වෙලා හිටිය අපට, ශරීරයෙන් එක්කෙනෙක් වෙන එක අමාරු වුනේ නෑ ඒ තරම්. එයාගෙ හදවතේ ගැඹුරට ම ගිහින් හිටපු මට එයාගෙ ශරීරයේ ගැඹුරට ම යන්නත් එච්චර අමාරු වුනේ නෑ. ජීවීතෙ කිසිම කෙනෙක් ට ස්පර්ශ කරන්න බැරි ගැඹුරු ම තැන් අස්සෙ අපි අපේ ආදරේ ලිව්වා. ඒ හදවත වුනත්, ඒ වගේම ගැඹුරක වුනත්. ගැහෙන්නෙ මගෙ පපුව ද, එයාගෙ පපුවද, මේ වැටෙන්නෙ මගෙ හුස්ම ද, එයාගෙ හුස්ම ද හොයාගන්න මට අන්තිමේදි පුලුවන් වුනේ නෑ. මොකද අපි එක ආත්මයක් වුනු නිසා.

පැය කීයක් ගෙවුනද කියල මමවත් එයාවත් දන්නෙ නෑ. අපි පැය ගානම එකම දේ කරකර හිටියෙ නෑ. සමහරවිට මං මිනිත්තු ගානක්, එයාගෙ රතුවෙච්ච ඇස් දිහා බලන් ඉන්නැති. සමහරවිට මං එයාගෙ ඔලුව පිරිමදින්නැති. සමහරවිට මොකුත්ම නොකියා එයාව තුරුලු කරන් ඉන්නැති. මොකද මට විශ්වාසය කරන්න බැරි වුනා මං මේ ඉන්නෙ ඇත්ත ලෝකෙද කියලා.

එයා කෙටි හුස්මවල් ගන්න විදිහ, විඩින් විඩේ මගේ නම මුමුණන විදිහ, තෘප්තිය දරාගන්න බැරි වෙද්දි මගෙ පිට පහුරුගාන විදිහ, පුංචි පුංචි සද්ද වලින් කෙදිරිගාන විදිහ, ඒ ඇස්වලට කදුලු පිරෙන විදිහ, ඒ අස්සෙන්ම එයා හිනාවෙලා මගේ බෙල්ල බදාගන්න විදිහ.. මං ඒවා කොච්චර හොදට අධ්‍යනය කළාද දන්නෙ මං විතරයි. මේක පිස්සුවක්.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now