මං එලියට ගිහින් බලද්දි පස්ස තඩිච්චි කුස්සියෙ. මේ මොන හුයන්නක්ද. මං දෙනූ දිහා රවාගෙන හිටිය. එයාට ඒක තේරෙන්න ඇති."පොඩී, බලන්නකො දුලීගෙ ක්ලයන්ට් එන්න පරක්කු වුනා. එයාට මේ වෙලාවට යන්න වාහනේකුත් නෑ. ගොඩක් දුරත් එක්කනෙ.. ඒනිස මං මෙහෙ එක්කන් ආව."
දෙනූ විස්තර කරන්න ගත්තා. මට කේන්තියි. පිරිමි දෙන්නෙක් ඉන්න තැනට ගෑනියෙක් එක්කන් එන්න දෙනූට හොඳටම පිස්සු. මං වොශ් රූම් එකට ගිහින් මූන හෝදන් ආව. මං ආයෙ කාමරේට යන්න හදද්දි අර ගෑනි මට කතාකලා.
"අනේ සොරි මල්ලි. මල්ලිටත් වදේ නේද.."
බොරු හිනාවකුත් දාගෙන මගෙන් අහද්දි මාත් ඒ සමානවම බොරු හිනාවක් දැම්මා.
"හ්ම්."
"මං ඉස්සරත් එනව. ඒ දවස්වල මල්ලි නෑනෙ.."මොකක්! මගෙ ඇස් උඩගියා. මං ගැස්සිල දෙනූ දිහා බැලුවා. ඒ කියන්නෙ මං නැති දවස්වලත් රෑට.. මං මාවම කාම් ඩවුන් කරගන්න හොඳ හුස්මක් ගත්තා..ඒත් මං මොකුත් කිව්වෙ නෑ.
"දුලී කොහෙද අද නිදාගන්නේ..." දෙනූ ඇහුවත් ඒක එයා නිකන් කල්පනා කරනවා වගේ කිව්වෙ.. එයාගෙ කාමරේම තියාගත්තා නම් හරිනෙ මහලොකු ජුලී..
"මං ඉස්සර නම් ආවා ම නිදාගන්නෙ දැං මල්ලි ඉන්න කාමරේ. ඒත් ඉතිං දැන් මල්ලි ඉන්නවනෙ. කමක් නෑ මං සෝෆා එකෙන් නිදාගන්නම්. ඕක මොකද්ද..."වෙරි නයිස්. මගේ කාමරෙ.. දෙන්නං උබට බලං හිටහන්.. මට නම් දැං පට්ට කේන්තියි. මේ ගෑනි හරී දක්ෂයි මිනිස්සුන්ගෙ අනුකම්පාව දිනාගන්න..
"දුලී මගේ කාමරේ නිදාගන්න.. මට ඔය කොහෙන්හරි නිදාගත්තහැකි. අදට විතරනෙ.."
"ඔව් මල්ලි වැඩි දවසක් ඉන්නෙ නෑනෙ.."තවත් මෙතන හිටියොත් ජෙන්ට්ල්මෙන් වෙන එක පැත්තකින් තියලා මට මේ ගෑනිට දෙකක් අනින්න හිතෙන නිසා මං දොරත් දඩස් ගාලා වහගෙන කාමරේට ආව. දෙනූ දැං අරකිට කාමරේ දීල සෝෆා එකේ නිදාගනී. මට මතක්වෙද්දිත් කේන්තියි. දෙනූගෙ අර ලස්සන සුවඳ සුදුපාට කාමරේ.. ඕහ් ෂිට්.
මේ ගෑනිට ඕනි දෙනූව අල්ලගන්න. ඕනි මෝඩයෙකුට ඒක තේරෙනව දෙනූට ඇරෙන්න..මං කේන්තියටම ෂීට් එකට් පොරවගෙන ඇඳෙන් ගුලි වුනා. ටිකක් වෙලා ෆෝන් එක ඔබඔබ ඉද්දි එලියෙන් එයාලා හිනාවෙනව ඇහෙනව. මට තවත් කේන්තියි. මං ගියාට පස්සෙ මේ ගෑනි ආයෙ එයි. ඕව හිතෙද්දි මට නින්ද අහලකවත් නෑ..
YOU ARE READING
හඹායමි ඔබව (SINHALA BL)
Romanceඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්