ඊලග දවසෙ උදේ ඇහැරිලා එද්දි අපේ එකා ඉන්නවා සෝෆා එකට වෙලා තේකක් බිබී. ඊයෙ සැරට පොර තාම නිකන් හොල්මන්ද පොල්කොල වගේ ඉන්නෙ. සෝෆා එකට හේත්තු වෙලා, ඇස් දෙකත් රතු කරන් ටීවි එකේ පත්තර කියන වැඩසටහනක් ද මොකද්ද බලනවා. අද ඔෆිස් යන්නෙත් නෑ වගේ.
දෙනූ නම් උදේම වැඩට ගියා. මං ඉතින් කුස්සියට ගිහින් කෝපි එකක් හදාගෙන සාලෙට ආවා. අරයා එක්ක ඉඳලා ම මටත් කෝපි උණ බෝවෙලා.
"ගුඩ් මෝනින්."
"මෝනින් බං."
අයියා එච්චරම කතාකරන්න මූඩ් එක්කිනුත් නෙවේ හිටියෙ. ඒත් මං අතාරිනවද..
"ඒ මේ, ඊයෙ අච්චරටම ගහලා ගෙදර ආවෙ මොකද?"
"....."
මූට තේරුන්නෑ කියලා නම් කියන්න එපා. පගයට තේරුනා. තේරුනේ නෑ වගේ ඉන්නවා.
"කියපංකො අයියෙ,"
"උබ දන්නවනෙ ඉතින්."
"මං දන්න ප#ක් නෑ. සමීරයට ආව ප්රපෝසල් එක විතරයි මං දන්නෙ."
"ඊයෙ අර කෙල්ල එක්ක ඩේට් එකකට ගිහින්."
"මොකක්! මොන උට්ටක්ද කියන්නෙ?"
"හ්ම්ම්. අම්මලා බලෙන්ලු යැව්වෙ. ඒත් උට කට නැද්ද බෑ කියන්න. ඌත් කොල්ලෙක්නෙ. කියලා වැඩක් නෑ බං. ඌ මාව සතපහකට ගනන් ගන්නෙ නෑ."
"පිස්සුද බං උබට. එහෙම ලබ්බක් නෙවේ. උබ දන්නවනෙ අයියෙ උගේ පවුල ගැන. අපේ වගේ නෙවෙයි. හෙන එකමුතුයි. අම්මා තාත්තා ඌට පණ වගේ. ඌත් එහෙමයි. අක්කත් එහෙමයි. ඉතිං ඌට කරගන්න දෙයක් නැතුව ඇති."
"ඒක නොතේරෙන්න මං බබෙක් නෙවෙයිනෙ පොඩී. ඒකයි ඌට මං මොකුත් නොකිව්වෙ. ඒත් හිතපං හෙට ගෙදරින් ඌට එන්ගේජ්වෙන්න කිව්වොත් ඌ ඒකත් කරයි."
"මොන හු#න කතාවක්ද ඒ. එහෙම වෙන්නෙ නෑ අයියෙ. ඌ කොහොමහරි මැනේජ් කරගනී. මේ වෙලාවෙ ඌට හයියක් වෙයන් එච්චරයි."
"එහෙම වෙන්න තමා මටත් ඕනි. ඒත් ඌ කියන්නෙ මේක උගෙ ප්රශ්නයක්ය, ඌ තනියෙන් විසඳගන්නංය යැයි යැයි ගාලා. ඕන උට්ටක් කරගත්තදෙන්."
"තවුසෙලා තරහවෙලාද ඉන්නෙ?"
"නෑ එහෙම නෑ. ඒත් මං ෆෝන් එක ඕෆ් කරලා තියෙන්නෙ. මට නිකං ලේ කෝප කරගන්න ඕනි නෑ ඒව අහලා."

YOU ARE READING
හඹායමි ඔබව (SINHALA BL)
Romanceඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්