තිස් පස්වෙනි පරිච්ඡේදය

2.3K 211 40
                                    

එක්සෑම් එකට තියෙන්නෙ තව මාසයයි ටහිකේන්න. දැන් නම් මට පට්ටම බයයි.. බයයි කියන්නෙ මාර බයයි. පාඩම් කරන්න ඕනි ඒත් පාඩම් කරගන්නවත් බැරිතරම් බයයි. හැමදාම ක්ලාස්. පැය 24ම වැඩ. මං ඇත්තටම පට්ට ම ස්ට්‍රෙස් වෙලා ඉන්නෙ. මාස පහක් ගියා දැනුන් නෑ රෙද්ද. මං පාඩම් කළා තමයි ඒත් දැන් ආපස්ස හැරිලා බලද්දි කරපු මගුලක් නෑ වගේ. අන්තිම පාඩම පාඩම් කරද්දි පළවෙනි පාඩම මතක නෑ. ඒ වෙලාවට ගහගන්න හිතෙනව පොතෙන් ම ඔලුවට දෙකක්.

එදා සිද්දියෙන් පස්සෙ සමීරට අවුලක් ගියෙ නෑ. උගෙ ළඟම යාලුවො ඌට ඉතුරුවුනා ඒත් කැම්පස් එකේ පොඩි කසුකුසුවක් නම් ගියාලු. කොහොමහරි අපේ අයියයි සමීරයි අතරෙ මොකද වෙන්නෙ කියන්න මං දන්නෙ නෑ. මං ආයෙ සමීරට ඒ ගැන මොකුත් කියන්න ගියේ නෑ. ඒ උගෙ ජීවිතේ.. උගෙවත් අයියගෙවත් ජීවිත මට අයිති නෑ..

මායි දෙනුයි ගැන කතාකළොත් අපේ ජීවත ගෙවුනෙත් සුපුරුදු විදිහට. එයා මට පාඩම් කරන්න ගොඩක් උදව්කළා. ලෝකෙට හොරෙන් පොඩි කිස් එකක් එහෙමත් දුන්නා. ඒත් අම්මා වැඩ පැත්තකට දාලා ගෙදර නැවතුනු හින්දා අපි දෙන්නා ගොඩාක් පරිස්සම් උනා.

දැනට සතියකට විතර කලින් දෙනූට එයාගෙ බෙහෙත් වල side effects පෙන්නන්න ගත්තා. දරන්න බැරි ඔලුවෙ කැක්කුමෙනුයි, වමනියෙනුයි එයා හරීයට දුක්වින්දා. ඒත් වෙනදා වගේ ළඟින් ඉඳන් මට එයාව බලාගන්න පුලුවන් උනේ නෑ. එකක් එක්සෑම් අනික අම්මලා ඉස්සරහ මට පැනගෙන ගිහින් එයාට සලකන්න බෑනෙ. අම්මයි අයියයි නම් එයාව තනිකළේ ම නෑ. මට ඒ ඇති.
___________________________________________

මං පාඩම් කරලා ඉවරවෙද්දි එකයි වෙලාව. ඔලුව තනිකරම ඒකට ෆෝකස් කරන් හිටපු නිසා වෙලාව යනව දැනුන් නෑ. මට හරිම මහන්සියි. මේ දවස් ටිකේම පැය කිහිපයයි නිදාගත්තෙ.. ඔක්කොටම වඩා මේ ස්ට්‍රෙස් එක ඔලුවට අමාරුයි. එක්සෑම් එක වෙනුවෙන් කොච්චර මහන්සි උනත් හිතේ කොණක තියන uncertainty එකක් ඇවිත් moral එක කාලා දානව..

මං ටියුට් ටික වහලා පැත්තකින් තියලා ජනේලෙන් එළිය බැලුවා. මුලු පරිසරේම නිශ්ශබ්දයි. අඳුරුයි. ගෙදර ඔක්කෝමලා නිදි ඇති. මට මාහ තනිකමක් දැනුනා. ලෝකෙම නැවතිලා තියෙද්දි මට තනියෙන් දුවන්න වෙලා වගේ දැනෙන්නෙ. ලේන් එකට දාලා තියන කහ පාට ලයිට් දිහා මං බලන් හිටියා.. ළාවට වැටෙන පින්නත් එක්ක කහපාට මීදුමක් පාවෙනව වගේ පේන්නෙ.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now