තිස් නවවෙනි පරිච්ඡේදය

1.9K 196 76
                                    

අද හා හා පුරා කියලා එක්සෑම් පටන් ගන්න දවස. බොරු කියන්න ඕනි නෑ ඉතිං මට ඊයෙ රෑ නින්දවත් ගියෙ නෑ හරියට. දෙනූ රෑත් ඔලුව අතගාලා අතගාලා නිදාගන්න කියලා ගියේ. ඒත් මට නින්ද ගියෙ නෑ. එයා පව් නිසා මං නිදි වගේ රඟපෑවා. කොහොමහරි මට නින්ද යද්දි දෙකත් පහුවෙලා..

ආයෙ පහ වෙද්දි ඇහැරුනා. ඇහැරලා ඇඳේ ඒ මේ අතට පෙරලි පෙරලි හිටියා. ගෙදර එකම කාලගෝට්ටියක් වගේ. බඩු එහෙට මෙහෙට වදින සද්දෙයි, කට්ටිය කෑගහන සද්දෙයි.. හරියට මගුල් ගේකට ලෑස්තිවෙනවා වගේ.. මේ ඔක්කොම ඉතිං මං වෙනුවෙන් නෙ..

බොරුවට ඇඳේ පෙරලිලා ඉඳලා වැඩක් නැති නිසා මං නැගිට්ටා. පිස්සන් කොටුව වගේ තිබ්බ කොණ්ඩෙත් ඇද ඇද මං වෙරිකාරයෙක් වගේ පඩිපෙළ බැහැගෙන ආවා. කකුලත් ලිස්සුවා නිදි මරගාතෙ තව ඩිංගෙන් කෙළින්ම පහල තට්ටුවෙ බිම. මං දෙයියන්ටත් හිතින් පිංදිදී කුස්සිය පැත්තට ආවා..

කුස්සියට එබෙද්දි අම්මටසිරි සෙනඟ.. අම්මා, අයියා, දෙනූ, මේරි.. ඔක්කෝම කුස්සිය බදුඅරගෙන.. මට හරි සතුටක් දැනුනා. එයාලට මං වෙනුවට එක්සෑම් එක ලියන්න බැරි වුනත් ඒ ඇරෙන්න කළහැකි හැමදේම කරනවා. මේවට වෙන්නැති බැඳීම් කියන්නෙ.. තමන් ආදරේ කරන අය වෙනුවෙන් කළහැකි උපරිමය කරන එක. ඒ හැඟීම හරිම උණුසුම්. හැම මනුස්සයෙක් ම විඳිය යුතු හැඟීමක් ඒක.

"අහ් පුතා නැගිට්ටද?" මාව ඉස්සරලම දැක්කෙ අම්මා. මං නිදිමතේම ඔලුව වනද්දි අනිත් ඔක්කොමලත් හැරිලා බැලුවා. ඒ හැමෝගෙම මූණු හිනාවකින් පිරිලා තිබ්බා.

ආයෙත් හැමෝම තම තමන්ගෙ වැඩ වලට යද්දි මගෙ ඇස් ඒ රූපෙ ගාව නැවතුනා. එයා තොලත් හපාගෙන හෙන බර වැඩක්. ලුණු මිරිස් අඹරනව.. ආහ්. ඒ කියන්නෙ අද කිරිබත්. ටහිකේන්න එක්සෑම් එකට ගිහිං නින්ද ගියොත් මරු. ඊයෙ රෑ නින්ද ගියෙත් නෑනෙ. හරිම යසයි.

මං එයා දිහාම බලන් ඉන්න බව තේරිලා ද කොහෙද එයත් එකපාරටම මං දිහා බැලුවා. අපේ ඇස් පැටලුනා.

කුස්සියෙ අනිත් හැමෝම තම තමන්ගෙ වැඩ කරද්දි මායි දෙනුයි විතරක් ස්ලෝ මෝෂන් අපි දිහා බලන් හිටියා. ඒත් කවුරුවත් දකින්න කලින් මං එයාට උඩට එන්න කියලා හොරෙන් සංඥාවක් දීගෙන ම ආයෙ කාමරේට ආවා..

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now