එදායිනෙ පස්සෙ සතියකට එක රැයක් විතරක් නෙවේ, බොහෝමයක් රැයවල් ගෙවුනෙ අජීනුගෙ රෝහල් ඇඳ ළඟ. ඒකට හේතුව දෙනුවන් බලාපොරොත්තු වුනු විදිහට අජීනුට දවසක් දෙකක් ඇතුළත සිහිය නොඒම.. හැමෝගෙම බලාපොරොත්තු එකින් එක බිඳිලා යද්දි සතියක් අජීනු ඒ විදිහට ම සිහිසුන්ව හිටියා..දෙනුවන්ගෙ දින චර්යයාව වෙනස් වුනා. ඔෆිස් එකට, හොස්පිට්ල් එකට, ඇනෙක්ස් එකට, ඔෆිස් එකට, හොස්පිට්ල් එකට, ඇනෙක්ස් එකට.. අවීනුගෙ විරෝධය මැද්දෙ මේක චක්‍රයක් විදිහට සිද්දවෙද්දි දෙනුවන්ගෙ ජීවිතේ නොහිතපු විදිහට කඩන් වැටෙන්න ගත්තා.. ඒක දෙනුවන් දැනුවත්ව උනු දෙයක් නෙවේ. ඒත් දවසින් දවස අජීනුගෙ සිහිය එන්න කල් යද්දි, දවසින් දවස බලාපොරොත්තු ඇස් ඉදිරිපිටම කඩවෙද්දි දෙනුවන් වෙනදා වගේම ප්‍රශ්නවල ගැඹුරට ම ඕනවටත් වඩා හිතන්න ගත්තා. ඔෆිස් එකේ වැඩ, එක්සෑම්, අජීනුගෙ අසනීපෙ, අජීනුගෙ අම්මලා.. මේ හැමදෙයක්ම අස්සෙ විඩෙන් විඩේ අම්මා කෝල් කරලා කුරුණෑගල එන්න කියන එකත් එක්කම.. හැමදේ ගැන ම වෙනදටත් වඩා overthink කරන්න දෙනුවන් පටන්ගත්තා..
අවීනු කම්පනි එකේ ෂෙයාර්ස් බයි කිරීමත් එක්ක වැඩ වැඩිවුනා. සමීරටත් වැඩ නැති දවසක ඇරෙන්න නිතරම අජීනු ව බලන්න එන්න උනේ නෑ.. දෙනුවන් අජීනු ගාව නැවතුනේ බොහොම රහසිගතව ඒත් අජීනුගෙ අම්මා වැරදිලාවත් මුණගැහුනු හැමදවසකම දෙනුවන් ට පුලුවන් තරම් දොස් කිව්වා, බැන්නා, ලැජ්ජා කරා.. දෙනුවන් ට ටිකෙන් ටික දැනෙන්න ගත්තා ලෝකෙම ඉස්සරහට යද්දි තමන් එක තැන ගල්වෙලා වගේ හැඟීමක්.
කතාකරන්න කෙනෙක්, යාලුවෙක්, කිසිම කෙනෙක් නැති ඔෆිස් එකේ වැඩ කන්දකට පස්සෙ හොස්පිට්ල් එකේ අජීනුගෙ නිසොල්මන් සිරුර දිහා පැය ගාණක් බලන් ඉන්න, නැත්තන් තනියෙන් කියවන්න දෙනුවන් පුරුදුවුනා.. දෙනුවන් ට එක්සෑම් එකක් ලියන්න මානසිකත්වයක් නැතිවෙද්දි ආයෙත් සැරයක් මාස්ටර්ස් අතෑරල දාන තැනට එයා වැටිලයි තිබ්බෙ. හැම දෙයක්ම, හැම තැනක්ම, හැම මොහොතක්ම පාලුයි, අඳුරුයි, මූසලයි. දෙනුවන් ට හිතුනා තමන්ගෙ ලෝකෙ ටික ටික අඳුරුවෙන ගමන් තමන්ගෙ හුස්ම හිරකරනවා වගේ.. ආයෙත් දිගෙන් දිගටම එන ඔලුවෙ කැක්කුම එක්ක කලන්නෙ දිගට හරහට දෙනුවන්ට වදදුන්නෙ කෑම රුචිය නැත්තටම නැතිවෙද්දි.
YOU ARE READING
හඹායමි ඔබව (SINHALA BL)
Romanceඔයාගෙ ම අයියගෙ හොඳම යාලුවට ආදරේ හිතුනොත්?... ♡♡♡ හිත නැවතුනා ගාව වැඩිමල් හිතක් අමතක කරන්නත් නෑ පුළුවන් කමක්.. අජීනු x දෙනුවන්