අසූ නවවෙනි පරිච්ඡේදය

1.4K 150 163
                                    

එක දිගට බොන බෙහෙත්, checkups, පැය විසි හතරෙන් වැඩි ගානක් නිශ්ශබ්ද අඳුරුකාමරේ, හීතල වායු අංශු, නිසොල්මන් රැයවල්, සුළඟට සෙලවෙන පයින් අතු, සුදු පාට අහස, ලී පොළොවෙන් ඉඳහිට නැගෙන අඩි ශබ්ද එක්කම කාමරය කොනක ගොඩ ගැහුන පොත් එක්ක මගේ දවස් ගෙවුනා.. මං crutches එක්ක ඇවිදින්න ටිකක් හුරු වුණත් ඒක තනියෙන් කරන එක මට ලේසි වුණේ නැහැ. ඒත් මං අත ඇරියෙත් නැහැ. අම්මගෙත් මගෙත් කතාබහ වචන දෙක තුනකට සීමා වුණා. වෙනද වගේම අම්මා මට උදව් කරා. ඒත් ඉන් එහාට අපි කිසිම කතාවක් කරේ නැහැ. මගේ කාමරේට ආපු අනිත් එකම කෙනා නැන්දා. එයා ඇවිත් මාත් එක්ක ඕප කියවලා ටිකක් වෙලා ඉඳලා යන එකෙන් පොඩි සහනයක් නොතිබුණාම නෙවෙයි. ඒත් ඇත්තටම මට එයත් එක්ක කතා කරන්න දෙයක් තිබ්බේ නැහැ.

මං ලංකාවෙන් ගව් ගානක් දුර හිටියත් මගේ හිත තිබ්බේ ලංකාවේ. හැම මොහොතකම, මට මතක් උනේ ලංකාව. දෙනු, අයියා.. එයාලා මොනවා කරනවද කියලා දැන ගන්නවත් ක්‍රමයක් මට තිබ්බේ නැහැ. අම්මගෙන් අයිය ගැන අහන හැමවෙලාවකම එයා හොඳින් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් මට කිව්වේ නැහැ. අම්ම අයියට කෝල් ගන්න මට ඇහිල තියෙනව මම දන්නෙ නැහැ එයා අයියට මොනවද කියන්නේ කියලා. සමහරවිට මම හොඳින් ඉන්නවා කියලා අයියටත් කියනවද දන්නෙ නෑ. මට අයියට කතා කරන්න ලොකු උවමනාවක් තියෙනවා. මට ඕනි නම් නැන්දාගෙන් ෆෝන් එකක් ඉල්ලගන්න බැරිකමක් නැහැ. ඒත් ඒකෙන් නැන්දත් අමුතු විදිහට මං දිහා බලයි කියලා මට බයයි. මොකද නැන්ද දන්නෙ නැහැ අම්මගෙයි මගෙයි ප්‍රශ්න. යහපත් චේතනාවෙන් උදව් කරන මනුස්සයාට ඒවා කියලා ඔලුව අවුල් කරන්න උවමනාවකුත් මට නැහැ. මං තේරුම් ගත්ත එකම දේ මං පුළුවන් තරම් ඉක්මනට සනීප වෙන්න ඕනේ. නැතුව මට කිසිම දෙයක් කරන්න විදිහක් නැහැ.

ඩොක්ටර් මටර් මට ෆිසිකල් එක්සයිසස් කරන්න පටන් ගත්තා. ඒකෙන් මට ටික ටික ඇවිදින්න හුරු කරනවා. මට crutches හුරු කරගන්න ලොකු උවමනාවක් තියෙනවා. එහෙම වුනොත් මට පහළ තට්ටුවට යන්න පුළුවන්. අඩුම තරමේ හිරගෙයක ඉන්නවා කියන හැඟීම වත් ඒකෙන් නැතිවෙයි. නැත්නම් මට බය මං ශාරීරිකව සනීප වෙද්දි මානසිකව ලෙඩ වෙලා තියෙයි කියලා. මොකද ඕන මනුස්සයෙකුට දරාගන්න පුළුවන් සීමාවක් තියෙනවා. මේ ගෙවුණු මාස කිහිපය ඇතුළත ඒ මානසික ශක්තිය බින්දුවටම වැටිලා තියෙන්නේ. මං මෙහෙ ආවට පස්සේ ඒක තවත් අන්තෙටම වැටුණා කියලා මට හිතෙනවා. ඒත් මං මොනවා කරන්නද.. මට කතා කරන්නවත් කෙනෙක් නැහැ. ඇත්තටම මට මගේ කටහඬ අමතක වෙලා කියලා මට හිතෙනවා. ලංකාවෙ ඉද්දි ඉවරයක් නැතුව කියවපු අජීනු සීතල ගොළු නිශ්ශබ්ද චරිතයක් වෙලා කියලා මටම දැන් හිතෙන්නෙ අරන් තියෙන්නේ. ඔව්, ලැබෙන අත්දැකීම් අනුව මිනිස්සු වෙනස් වෙනවා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now