හැට එක්වෙනි පරිච්ඡේදය

2.1K 179 94
                                    

Ajee's POV

මං උදේ ඇහැරුනේ සිරාවටම දාඩිය ඉවසගන්න බැරි නිසා. නිකං පෝරණුවක් අස්සෙ ඉන්නවා වගේ. කවදාවත් නැතුව මේ මොකද කියලා බලන්න මං අමාරුවෙන් ඇස් ඇරියා. ෂීට් එකට අමතරව ඇඟ උඩ තව මොනවහරි තියනව වගේ. හරිනෙහ්. තියනව නේන්නං. යෝහ් මගෙ බෝයිපෙනුත් ඇඟ උඩනෙ! එයා නම් පස්සත් උඩදාන් සැපට බුදි ටීෂර්ට් එකකුත් නැතුව. මං මේ දාඩියෙ මැරෙන්න යනවා. කාට කියන්නද ඉතිං මේවා.

මං අමාරුවෙන් එයාව කොට්ටෙන් තියලා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා පවන් ටිකක් ගහගත්තා. ෆෑන් එක දාන්න නැගිටින්න කම්මැලියි. අනික දැන් උදේ වීගෙන එන්නෙ. ඒනිසා මං ඔහේ ඇස් පියන් හිටියා.

කොච්චර වෙලා ඇස් පියන් හිටියද දන්නෙ නෑ.. ටික වෙලාවකින් දෙනූ ඇහැරලා වගේ මට දැනුනා. මං ඇස් අරිද්දි එයා ඇඟ මැලි කඩකඩ පොඩි එකෙක් වගේ ඇස් පිහදානවා. මං ඉක්මනට ඒ පැත්තට හැරිලා එයාට හාද්දක් දුන්නා. එයා ඒක ප්‍රොසෙස් කරගන්න වගේ ටිකක් වෙලා ඉඳලා මට කෑගැහුවා.

"අජීහ්!"

මං හිනාවෙවීම ආයෙ කොට්ටෙන් ඔලුව තියාගත්තා.

"ගුඩ් මෝනින්."

"ම්ම්.. ගුඩ් මෝනින්."

මට ආයෙත් ඊයෙ රෑ දේවල් මතක්වෙලා ඇඟ රත්වීගෙන ආවා. ඒත් හොඳ වෙලාවට එයා මූණ හෝදන්න ගියා. නැත්තන් මල මගුලයි ආයෙ.

කොහොමහරි ලෑස්තිවෙලා කරලා දෙනූ වැඩට ගියා. එයා වෙනදට වඩා සතුටින් හිටියෙ. මටත් ඊයෙ වෙච්ච දේවල් හිතාගන්න බෑ. ඒ දේවල් කළේ මංම ද කියලා හිතාගන්නත් බෑ. කොහොමහරි අන්තිමේදි එයාව රැකගන්න පුලුවන් වෙච්ච එක තමා මගෙ සැනසීම.

මට ඉතින් දවල් දවස කරන්න විශේෂ වැඩක් නෑ. මං ඔහේ පොතක් කියවගෙන, නැත්තන් මනෝ පාරක් ගහගෙන ඉන්නවා. දෙනූගෙ තාත්තගෙ දානෙ එනවා ඉස්සරහට. ඒත් එයා යන්න කැමති නෑ. මට හිතාගන්න අමාරුයි එයා මොනවද හිතන්නෙ කියලා. ඒත් එයාගෙ කැමැත්ත තමයි මට නම් වැදගත්. එයා එහෙ යන්න අකමැති වෙන්න හේතුවක් ඇතිනෙ.

මං ඕවා කල්පනා කරකර දවල් දවසම බලන් හිටියා බෝයිපෙන් එනකන්. යෝහ් මට නිකං අර හස්බන් ගෙදර එනකන් වයිෆ් බලන් ඉන්නවා වගේ වයිබ් එකක් එනවනෙ. මල උට්ටයි.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now