හතළිස් හයවෙනි පරිච්ඡේදය

2K 195 118
                                    

මං දෙනූ ගාවට ගිහින් ඉඳගත්තා. එයා අනිත් පැත්තට හැරිලා වැතිරිලා ඉන්නවා. මං හෙමින් එයාගෙ කෙස් අතරින් ඇඟිලි යැව්වා. එයාගෙ කෙස් සිනිඳුයි. ටිකක් දුඹුරු පාටත් වගේ.. දුඹුරුම නෙවෙයි.. කොහොමහරි මගෙ කොණ්ඩෙ තරම් තද කළු නෑ. මං ඒ ගැන හිත හිතම ඔලුව අතගාද්දි, එයා මං ඉන්න පැත්තට හැරුනා.. අනේ මං එයාව ඇහැරෙව්වද..

එයා ඇස් දෙකත් පොඩි කරකර, මං දිහා බැලුවා හරියට නිදාගෙන ඇහැරුනු පොඩි එකෙක් වගේ. මං හෙමින් එයාගෙ කම්මුලක් පිරිමැද්දා.. රස්නෙයි..

"පොඩී,"

"ම්ම්ම්? මං ඇහැරෙව්වද ඔයාව?"

එයා නෑ කියන්න ඔලුව වැනුවා. මං හිනාවෙලා ආයෙ නළලෙ ඉඳන් පිටිපස්සට කෙස් අතරින් ඇඟිලි යැව්වා.. එයා මට ඒකට ඉඩදීලා ඇස් පියාගත්තා.

"හෙටම අර ගෙදරට බඩු ටික ගිහින් දාන්න ඕනි. එතකොට අපිට අනිද්ද වෙද්දි ගියහැකි." එයා කිව්වෙ මගෙ අත නවත්තල අල්ලගන්න ගමන්..

"එච්චර ඉක්මනට?"

"මට තවත් මෙහෙ ඉන්න උවමනාවක් නෑ පොඩී."

"හ්ම්ම්.. ඔයාගෙ කැමැත්තක්." මාත් කැමතියි ඉක්මනට යන්න පුලුවන් නම්.

එයා මගෙ දිහා බලලා මෙට්ටෙ පැත්තකට තට්ටු කලා. මං හිනාවෙලා එතනින් දිහාවෙලා එයාව අත උඩට ගත්තා. ඒක දැන් අපිට පුරුද්දක් වෙලා. මං ඒක හිතලා කරනව නෙවෙයි ඒක ඉබේම වෙනවා.. එයත් ඒක හිතල කරනව නෙවේ ඉබේට ම වෙනවා.. අපි අපිට ඒ තරම් පුරුදු වෙලා..

මං දන්නෙ නෑ අනිත් ආදරවන්තයො ගැන. ඒත් මට නම්.. මේ විදිහට එයාව මගෙ අත් අතරෙ තියාගන්න එක පුදුම සැනසීමක්. එයාගෙ සිනිඳු කොණ්ඩෙ මගෙ මූණෙ ගෑවෙද්දි, උණු හුස්ම මගෙ බෙල්ලට වැදෙද්දි, එයා පුලුං කොට්ටයක් වගේ අත් අතරෙ ගුලිවෙලා ඉද්දි... මං හැමවෙලාවකම කල්පනා කරනවා එයා මගේම කොටසක් වෙන්න බැයිද කියලා.. අර twin flames වගේ.. අපි දෙන්නා එක ආත්මෙක බිඳිච්ච කොටස් දෙක වෙන්න බැරිද.. ඒකද මේ තරම් මේ හැඟීම බර.

"අජී,"

"ම්ම්ම්?"

එයා මගෙ බෙල්ල මුල ඉඳන් මුමුණනවා. මං ඇස් වහගෙන ම ඒකට උත්තර දුන්නා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now