දහතුන්වෙනි පරිච්ඡේදය

2.6K 274 43
                                    

අපේ ගෙදර අපි හැමෝම එකට කෑම කන දවස් හරිම අඩුයි. නැතිම තරම්. සමහරවිට අවුරුදු දවස විතරක් ම වෙන්නැති. ඉඳලා හිටලා එහෙම දවස් සෙට් නොවෙනාම නෙවේ. ඒත් පවුලක් උනාම අඩුම තරමෙ එහෙම දෙයක්වත් නැත්තන් වැඩක් තියනවද කියල මට වෙලාවකට හිතෙනවා. අම්මයි තාත්තායි අපිට ආදරෙයි. ආදරේ නැත්තන් අපි වෙනුවෙන් මෙච්චර නැහෙන්නෙ නෑනෙ. ඒත් ඒ ආදරේ අපිට හරි විදිහට ලැබෙනවද කියන එක ප්‍රශ්නයක්. ලොකුම අසාධාරණේ තමයි ඒ ගැන complain කරන්නවත් අයිතියක් අපට නැති එක..

අදත් ඒ වගේ ලස්සන දවසක්. රෑ කෑමට ඔක්කොමල ගෙදර. හවස දෙනුත් ආවා. දැන් නම් ඇත්තටම ගෙදර ගෙදරක් වගේ දැනෙනවා. මේරි රසට කෑම ටික හදලා තිබ්බා. අම්මයි තාත්තයි අපි හැමෝගෙම විස්තර අහඅහා කෑවා. අද නම් වෙනද වගේ මාව මාතෘකාව උනෙත් නෑ. මොකද මං දැන් ඉස්සර වගේ නිකමෙක් නෙවෙයිනෙ.. ඒ අස්සෙ අපේ අයියා දෙනූගෙන් මගෙ පසුගිය සතියෙ කල් ක්‍රියාව අහනව... මූට දෙකක් ඇනගන්න නෑනෙ මට..

"අපේ එකා උබට වද දුන්නද දෙනූ?"
"පිස්සුද අවී. ඒ ළමය පාඩුවෙ හිටියා..."
"ඇත්ද අහගත්තද?"
"අනේ උබ හිටපංකෝ. මූ පාඩම් එහෙම කලාද?"
"ඔව් ඔව්.. ක්ලාසුත් පිලිවෙලට ගියා"

"දෙනුවන් පුතාට බොහොම ස්තූතියි අපේ දසමාර පුත්‍රයව බලාගත්තට.."
"අම්මෙහ්!!"
"ඕක මොකද්ද ආන්ටි."

අපේ ගෙදර මිනිස්සු ඔහොම්මයි. මාව ගාවනොගත්තොත් නින්ද යන්නෙ නෑ. හුම්. මං හතර වටේට ඔරව ඔරව හිටියා. මං සමීරයටත් එන්න කිව්වා. කෝ මේකා බිසී කිව්වනෙ. ඒත් අපි පස්දෙනා මෙහෙම එකතුවෙලා ඉද්දි හිතට පුදුම නිදහසක්, සැනසීමක් දැනෙනව.

කාලා ඉවරවෙලා දෙනූ යන්න ලෑස්තිවුනා. මට එයාව ගිහින් දාන්න හිතෙනව.. ඒත් වෙනදා හැමදාම ගිහින් දාන්නෙ අයියා නිසා මං කවදාවත් නැතුව එයාව ගිහින් දාන්න හදන එක weird කියලා මට හිතුනා. ඒත් එතකොට ම,
"අවී, ඔයාට මහන්සිත් ඇතිනෙ ෆ්ලයි කරලා. පොඩී මාව ගෙනිහින් දායි."
"ආහ් ඕකේ එහෙනම්. පරිස්සමෙන් පලයං"
දෙනූ ඉස්සරල අරෙහෙම කියද්දි මං උඩ ගියා. ඒක coincidence එකක් වෙන්නැති. ඒත්.. මං දෙපාරක් නොහිතා ඉක්මනට කී එකත් අරන් එලියට ආව.
"යෙස්!!" මං එලියට ඇවිත් උඩ පැනලා මටම කියාගත්තා.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now