දසවැනි පරිච්ඡේදය

2.7K 263 29
                                    

ඊලග දවස වෙද්දි මගෙ උණ හොඳටම බැහැල තිබ්බා. දෙනූ නිවාඩුවක් දාලාම ගෙදර නැවතුනා මාව බලාගන්න. එයා වෙලාවට කවලා, වෙලාවට බෙහෙත් පොවලා, මාව බලාගත්ත හින්දමමද මන්ද දවස් දෙකෙන් මට හොඳටම සනීප උනා. මං කොහොමත් හොඳ ප්‍රතිශක්තිකරණයක් තියන එල කොල්ලෙක්. සති ගණන් ඇඳට වැටිලා ඉන්න තරම් ලෙඩ මට හැදිලම නෑ.

කොහොමහරි දෙනු අයියට මගෙ අසනීපෙ ගැන කියලා. ඒ නිසා අයියා කොහොමත් අම්මලට කියනවනෙ. දවස් 4ක් දැන්. අම්මගෙන් කෝල් එකක්වත් නෑ. තාත්තා ගැනත් ඉතිං කවර කතාද. මට එහෙම දුකක් නෑ. ඒත් මං බලාපොරොත්තු වුනා එක මිනිත්තුවකට හරි එයාලා කෝල් එකක් ගනී කියලා. ඔයාලට අහන්න පුලුවන් ඇයි මං ගන්නෙ නැත්තෙ කියලා. මොකද තේරුමක් නැති හින්දා. එයාලා බිස්නස් වැඩවලට ගියාම තනිකරම පවුලක් ඉන්න බව අමතක කරනවා. ඒක සාධාරණද නැද්ද කියන්න මං දන්නෙ නෑ. එයාලගෙ පැත්තෙන් එයාලා සාධාරණ ඇති. සල්ලි ගස්වලින් කඩන්නෑ කියලා අනිත් ළමයි දුප්පත්කමින් තේරුම් ගද්දි, මං ඒක තේරුම් ගත්තෙ පැය 24ම අම්මයි තාත්තයි දකින්න නැති වුන එකෙන්. සමහරවිට ඒනිසාම වෙන්නැති මං අම්මට තාත්තට වඩා අයියට, දෙනූට සමීප.(ඔයාලා කැමති සෑඩ් ස්ටිකර් එකක් ඇඩ් කරගන්න 🥲)

දෙනූ ගෙදර ඉඳන්ම වැඩ. මට මර පාලුයි. ඒනිසා මාත් පොත් ටිකක් පෙරළගත්තා. තාම ඒ තරම් ලොකු දෙයක් උගන්නල නැති එකේ මං සිංහල සාහිත්‍යයට තියන බැද්දේගම කියවන්න ගත්ත. යකෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ උන්ට වෙන පොතක් තිබ්බෙම නැද්ද දන්නෙ නෑ නිර්දේශ කරන්න. හරිම යස පොතක්. නෑ මං මේ පොතට මොකුත් කියනවා නෙවේ ඒත් මීට වඩා හොඳ පොතක් තිබ්බෙම නැද්ද කියලයි මං අහන්නෙ. මේ කැලෑ සීනුයි, මැරෙන සීනුයි කියවලා ඔලුවත් කර්පට් උනා. ඒ පොතෙන් නිකං අපේ රටේ මිනිස්සු මහ නූගත්, අසංවර,කැලෑවැදිච්ච උන් ටිකක් වගේ කියවෙන්නෙ. එහෙම වෙන්නැති ඉතින්.. ඉස්සරනෙ.. ඒත් ඉතිං ඕකෙ ආය ආය කියව රසවිඳින්න දෙයක් තියනවයැ. Just my personal opinion. Don't fight me 🥲

ඒ මොක උනත් ඕක හොඳට කියවල අවබෝධ කරගන්න එපැයි. මට නින්ද යන්නත් එනවා ඒ අස්සෙ. පට්ට බෝරින්. මන් earphones ගහගෙන සින්දුවක් දැම්මා. සා මේ තියෙන්නෙ මගෙ කිරිටොයි ප්ලේ ලිස්ට් එක.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now