හැත්තෑවෙනි පරිච්ඡේදය

2K 176 130
                                    

මං කොච්චර වෙලාවක් එහෙම හිටියද කියන්න දන්නෙ නෑ. හදවත කකාරගෙන එන දුක පොඩ්ඩක් අඩුවෙනකන් මං ඔහේ සීට් එකට හේත්තුවෙලා හිටියා. දැන් ආපහු ගෙදර යන්නද, දෙනූ බලන්න යන්නද .. ඒත් දැන් එයාව බලන්න යන්නත් බෑනෙ. ගෙදර ගියොත් අම්මගෙන් හොඳට අහගත්තහැකි.

හැමදේම එපාවෙලා වගේ දැනෙනවා. මං කොච්චර දේවල් කරාද ආදරේ කරන අය රැකගන්න.. එයාලා ළඟින් තියාගන්න.. සතුටින් තියන්න.. හැමදෙයක්ම හරිගස්සන්න.. ඒත් අන්තිමට කිසිම දෙයක් හරි ගිහින් නෑ. ප්‍රශ්න වැඩිවෙලා විතරයි. දෙනූ ගැන වගේම අම්මා තාත්තා ගැන උනත් කොච්චර හිතුවද.. අපි උන්නද මැරුනද බැලුවෙ නැතත් අපි වෙනුවෙන්නෙ හම්බකරන්නෙ කියලා හිතලා කවදාවත් හීනෙකින්වත් අහිතක් හිතලා නෑ.. කොච්චර පරාර්ථකාමී උනත් අන්තිමේදී හැමදේකටම වැරදිකාරය වගේ දැනෙන හැඟීම දරාගන්න අමාරුයි.

මං ලොකු හුස්මක් පාතට දැම්මා..

ආපහු කාර් එක ස්ටාට් කරන් ගෙදර යන්න හැදුවත් මොකද්දෝ හේතුවකට මගෙ හිත දෙනූ ව බලන්න යන්න මට බලකළා. කවදාවත්නැති තරම් හිත රිදෙන වචන අහලත්, ආයෙත් එයා ළඟටම යන්න හිතෙන්නෙ ඇයි කියලා දන්නෙ නෑ. දුර ඉඳලා ඇනෙක්ස් එක දිහාවත් බලන් ඉඳලා යනවා කියලා හිතන් ආවෙ මොකද ආයෙ එයාගෙ ඇස් ඉස්සරහට ගිහින් එයාව කේන්ති ගස්සන්න ඕනි නෑ.

මං මේන් රෝඩ් එකෙන් ලේන් එක ඇතුලට දාලා ගේට් එක ඉස්සරහින් කාර් එක නැවැත්තුව විතරයි..

එතකොට ම ගේ ඇතුලෙ ඉඳන් කවුරුහරි මිදුලට දුවන් එනවා දැක්ක නිසා මං කලබල උනා.. මේ මහ රෑ කවුද ඒ.. ඒත් ඇඳුමින් දෙනූ ත් වගෙයි. එයා මොන එහෙකටද මෙච්චර වෙලා ඇහැරන් ඉන්නෙ.. මං කල්පනා කරකර ම වාහනෙන් බැස්සා..

"අනේ දෙයියනෙහ් කොහෙද ගියෙහ්!!"

මට අඩියක් තියන්න උනේ නෑ. ඒ දෙනූ! එයා දූවගෙන ඇවිත් මාව බදාගත්ත පාර මං කාර් එකේ දොරේ වැදිලා ඒකට හේත්තු උනා.

"දෙනූ! ඇයි මේ-"

එයා ඉස්සරලා හිටපු විදිහත් එක්ක මෙහෙම ඉන්න හේතුව මොකද්ද කියලා මට හිතාගන්න බැරිවුනා. එයා සෙරෙප්පු දෙකක්වත් දාලා නෑ. ඇඳුමත් පොඩිවෙලා.. හොඳටම කලබල වෙලා වගේ. ඒත් ඇයි..

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now