දාහත්වෙනි පරිච්ඡේදය

2.6K 266 43
                                    

ඊලඟ දවස් ටික ගෙවුනෙ සාමාන්‍ය විදිහට. මං පට්ට කම්මැලිකමේ සුපුරුදු විදිහට ජීවත් වුනා. එකම හොඳට තිබ්බෙ සමීරය ඌට පුලුපුලුවන් වෙලාවට ආපු එක. මට උගෙන් නම් එසේ මෙසේ වදයක් නෙවේ තියෙන්නෙ. මේ පගය ඇවිත් මගෙන් පාඩම් වලින් ප්‍රශ්න අහනව. බැරි උනාම ටොකු අනිනව. හරි මගුලක් උනානෙ මේක. මං ඊයෙ ක්ලාස් ගිහින් ඇවිත් පට්ට මහන්සි නිසා ටිකක් දවල් වෙනකන් නිදාගන්න හැදුවා. කොහෙද මේ පගය උදේම ආවනෙ මාව කන්න.

දැන් මේක ඉඳගෙන මගෙන් ප්‍රශ්න අහනව. මගෙ ඔලුව හිල් වෙලාද කොහෙද ටොකු කාලම. අපේ එකාගෙන්වත් වදයක් නෑ මුගෙන් තරම්.

"දේශපාලනය ශාස්ත්‍රීයව ඉගැන්වීම මුලින්ම ආරම්භ වූයේ කොහේද?"
හෙහ්. මේවත් ප්‍රශ්නද අජීට.
"ග්‍රීසියේ."
"ම්ම්. දේශපාලන විද්‍යා අධ්‍යන ප්‍රවේශ දෙකක් කියන්න."
"දාර්ශනික ප්‍රතිමානීය.. තව.. ම්ම්ම්.. ආඅ... "
ටොක්.
"ආව්.. හු#ත. "
ඒකනම් සිරාවටම රිදුනා. විනාඩියක් කල්පනා කරන්න දෙන්නෙ නෑනෙ. චොක් ගාල අනිනව. දෙන්න හිතයි පරයට දෙකක්.
"මොකද උබ රවන්නෙ. මෙච්චර ලේසි දෙයක් බැරිනම් වැඩක් නෑ. මොනවද උබ පාඩම් කලා කිව්වෙ.. කරලා තියනව පකක්."
"..."
මං කතා නොකර හිටියා. මං තරහයි. මට ටොකු ඇනල ඒ මදිවට බනින්නත් එනව.

"ළමායී~ කොෆී ටයිම්.."
අයියා ඒ අස්සෙ කෝපි උස්සන් ආව. අපි හිටියෙ බැල්කනියෙ.
"තැන්ක් යූ අයියෙ."
සමීර සුපුරුදු පරිදිම මල් මල් හිනාව දාලා මග් එක ගත්තා. මාත් මග් එක ඇදල ගත්තා.
"මොකද පොඩි එකෝ? ඒ සුදුමල්ලි, මේකට මක් වෙලාද?"
"කවුද දන්නෙහ්."
කවුජ ජඥ්ඥෙහ් තමා.
"මේකා හොඳට පාඩම් කරනව නේද?"
"පිස්සුද අයියෙ.. මෙලෝ දෙයක් කරල නෑ. මේ අහන ප්‍රශ්නෙකටවත් උත්තර දීගන්න බෑ. "
මං නම් තරහම තරහයි. එකෙක්වත් මාත් එක්ක කතාකරන්න එපා.
"ඇත්තද පොඩී?"
"යැයි යැයි තමයි."
"...."
මට ඇත්තටම දුක හිතිල ඉන්නෙ. මං පාඩම් කලානෙ. මතක නැති එක වෙනම කතාවක්. ඒත් මුන් ඒක පිළිගන්නෙම නෑනෙ.
"මූ ෆෝන් එක ඔබ ඔබා ඉන්නව ඇති මේක අස්සෙ රිංගගෙන."
"මං පාඩම් කරනව අනේ~"
"ඔව් මේ කොරල තියෙන්නෙ."

මොනෞත්තක්ද මේ. මට යකා නැග්ග. මට ප්‍රශ්න කිහිපයක් වැරදුන බව ඇත්ත. ඒත් මං පාඩම් කලානෙ. මෙතන බලන්න, මෙහෙයවන්න කෙනෙක් නැතත් මං මටම බැන බැන හරි පාඩම් කලානෙ. එහෙම කරලත් කවුරුත් පිලිගන්නැති වෙද්දි හිතට දුකයි.

හඹායමි ඔබව (SINHALA BL)Where stories live. Discover now