💜 වත්සුණු 💛

558 13 0
                                    

දම් පාට කලාත්මක සහ සාමාන්‍ය රටාවෙන් වෙනස් වූ පුද්ගලයෙක් නියෝජනය කරනවා. තවත් අතකට දම් පාට විශ්වාසය, විශ්වසනීයත්වය ගැන හැඟීමක් ගෙන එනවා. නිර්මාණශීලී හැකියාව වගේම ෆැන්ටසියත් එක්කත් සම්බන්ධ වෙනවා. ඒ නිසාමයි මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ මැජික් නිරූපණය කරන්න දම්පාට තෝරගන්න. දම් පාට කියන්නෙම මැජික් එකක්.

කහ පාටට මූණු දෙකයි. සූර්යයා එක්ක මුල ඉදන්ම තිබුණු සම්බන්ධය නිසා සුභවාදී බව, ශක්තිය, ප්‍රීතිය, සතුට වගේම මිත්‍රත්වයත් කහ පාටින් නියෝජනය කරනවා. ඒ වගේම අනෙක් පැත්තට ඊර්ෂ්‍යාව, පාවා දීම, අන්තරාය පෙන්නුම් කරන්නත් කහ පාටට බලය තියෙනවා. ඒ නිසාම ඉංග්‍රීසි භාෂාවේ ඉන්ෆෝමල් විදිහට බියගුලු, නිවට යන්න නිරූපණයට 'Yellow' කියන වචනය පාවිච්චි කරනවා.

වත්සුණු || WathsunuWhere stories live. Discover now