පලමු දිගහැරුම්

15.9K 846 92
                                    

~ කඩදොර උරුමය නුබයි. එය රැක ගන්න. භාරකරු සොයා ගන්න

" අයියා මේ කඩදොර තියෙන්නෙ කොහෙද ? මොකක්ද මේ මගුල. සතියක් තිස්සෙ මට නින්දක් නෑ . හැමදාම පාන්දර 4ට මේ මගුල් කටහඩක් නිසා මාව ඇහැරෙනවා. "

නිඛිල් ආර්‍යන් ස්කොට්. එහෙමත් නැත්නම් ස්කොට් පවුලෙ බාලයා තමන්ට වඩා අවුරුදු 7ක් වැඩිමල් දැන් ලංකාවෙත් නැති තමන්ගෙ සහෝදරයාට ලංකාවෙ වෙලාවෙන් පාන්දර 4ට කෝල් එකක් ගත්තෙ සතියක් තිස්සෙ කොල්ලගෙ නින්ද නැති කරපු මේ හීනෙන් ඇහෙන කටහඬේ කියන දේ ගැන අයියා මොනා හරි දන්නවද අහන්න. ඒලෙවල් ඉවර කරපු සතුටට මහා පාන්දර වෙනකන් ෆිල්ම් බලලයි කතා කියවලයි 2ට විතර නිදාගෙන පහුවදා 10 ට නැගිටින්න නිඛිල් හිතාගෙන හිටියත් එයාට ඒක කරන්න පුළුවන් උනේ එක දවසයි. එයාගෙ 20 වෙනි උපන් දිනේ දවසේ ඉදන් දැන් සතියක් නිඛිල්ට හරි නින්දක් නෑ. මුල් දවස් දෙක තුනේ කියපු දේවල් පැහැදිලි නැති උනත් හතරවෙනි දවසේ යන්තම් පැහැදිලි වචන ටිකක් ඇහුනත් අද තමයි පලවෙනි පාරට එයාට කඩදොර කියන වචනේ ඇහුනේ. පොඩි කාලෙ ඉදන් හැමදාම හරි ලස්සනට ගලා ගෙන යන හීන වගේම සතියකට දවසක්වත් lucid dreams එයා දකින නිසා නිඛිල් නිකමට වගේ dream diary එකක් වගේම ඒවගේ තේරුම් හොයල ලියන්න පුරුදු වෙලා හිටියා. ඒ අතරේ එයාගෙ සහා එයාගෙ වටේ ඉන්න අයගෙ ජීවිත එක්ක බැදුනු සමහර පොඩි පොඩි හීන ඇත්ත උන අවස්තා නිඛිල් ඕනෙ තරම් අත් විදල තියෙන නිසා මේක නිකන්ම නිකන් හීනයක් කියල අතාරින්න එයාට පොඩ්ඩක්වත් හිත දුන්නෙ නෑ. ඉතින් නිඛිල් හැමදාමත් වගේ අදත් පිහිට පැතුවෙ එයාගෙ ආදරණීය සහෝදරයගෙන්.

නිතින් ජේඩ්න් ස්කොට්. ස්කොට් පවුලේ වැඩිමලා. දැනට ස්කොට් පවුලට අයිති ඇමරිකාවෙ බිස්නස් බලන්න එහේ ගිහින් ඉන්න නිඛිල්ගේ අයියා නිඛිල්ගේ කෝල් එකත් එක්කම තමන්ගේ laptop එකේ කඩදොර කියල සර්ච් කලේ මොකක් හරි දෙයක් හොයාගන්න. මොකද නිතින් මේ වෙනකොටත් සතියක් තිස්සෙ නිඛිල්ට වද දෙන හීනෙ ගැන හොදටම දැනන් හිටියේ නිඛිල් හැමදේම තමන්ගේ අයියා එක්ක කියන්න පුරුදු වෙලා හිටිය නිසා.  Google එකට පින්සිද්ද වෙන්න අන්තිමේ නිතින්ට කඩදොර කියන්නෙ කොහෙ තියෙන තැනක්ද කියල හොයා ගන්න පුළුවන් උනා.

ආර්‍යආත්ම ( Aaryathma )Where stories live. Discover now