සීයාඅප්පච්චිගේ හත්දවසේ දානෙන් පස්සෙ දවසේ ආධ්‍යයි ඔලිවර්යි නිඛිල්ව සූරියබණ්ඩාර වලව්වේ නවත්තලා ආපහු යන්න ගියේ ඔලිවරගේ බලවත් අකමැත්ත උඩ. පවුලේ කෙනෙක් උනත් ලංකාවේ නොවෙන කෙනෙක්ට කඩදොර උරුමය ගැන කියන්න දෙව්හස් වගේම අනුරාධත් තදින්ම විරුද්ධ වෙනකොට නිඛිල්ව නතර කරන්න හේතුව විදිහට කීවේ අලුතින් හම්බුන සූරියබණ්ඩාර පවුලේ අය එක්ක ඒ සංස්කෘතිය එක්ක නිඛිල්ට ඉන්න ආසයි කිව්වා කියන එක. ඒත් තව මාස ගානකට එයාලා ලංකාවෙත් නැහැනේ කියන එක උඩ ඔලිවර් ඒකට විරුද්ධ උන නිසා නිඛිල් අන්තිමේ එයාට ඒලෙවල් ඉවර උනාම කැමති දිහාවක එක්කන් යනවයි කියපු ට්‍රිප් එක මේක කියල ගන්න කියල තාත්තගෙන් බල කරල ඉල්ලපු නිසා කවදත් නිඛිල්ගේ ආසවන්ට නෑ බෑ නොකියන ඔලිවර් අකමැත්තෙන් උනත් හිත හදාගත්තෙ එයාටයි ආධ්‍යාටයි විරුද්ධ උන සූරියබණ්ඩාර ලොකු හාමුත් දැන් නැති නිසා. අන්තිමේ නිඛිල්ගේ සම්පූර්ණ වගකීම දෙව්හස්ට බාර දීලා එයාලා පිටත් උනේ එයාලා ඈත වංගුවෙන් යනකන්ම බලාගෙන ඉදල.
මොනා උනත් නිඛිල් ඉන්නෙ හිතේ ගැස්මෙන් කියල දෙව්හස්ට තේරුනා. තමන් නොදන්න පලාතක නොදන්න මිනිස්සු එක්ක කොහෙවත් යන උරුමයකට කරගහන්න වෙලා අන්තිමේ පවුලේ අය රටේවත් නැති වෙද්දි එයාලාත් නැතුව වලව්වකට කොටු උනාම එහෙම නොදැනුනොත් නේ පුදුමේ. මොනා උනත් හොදකට කියල උනේ දෙව්හස් වගේම නිඛිල් මේ සතිය ඇතුලේ ගොඩක් කිට්ටු උනා. සම වයස් නිසාද මන්දා දෙන්නට දෙන්නා ආශ්‍රය කලේ හොදම යාලුවෝ වගේ. ඉතින් දැනුත් දෙව්හස් නිඛිල්ගේ කරටත් අත දාගෙන වලව්වට ගියේ නිඛිල්ට පාලුවක් නොදැනෙන්න.
මේ සතියම සීයාඅප්පච්චිගෙ මලගෙදර වැඩ නිසයි නිඛිල්ගේ කකුල නිසයි එයාට වලව් වත්තෙන් පිටට යන්න බැරි උනත් අද එයාව එක්කන් පොඩ්ඩක් ඇවිදින්න යන්න ඕනෙ කියල දෙව්හස් තීරනේ කලේ අම්මලා නැතුව නිඛිල්ට දැනිලා තියෙන හෝන්දු මාන්දු ගතිය අයින් වෙන්නත් එක්ක. අනිත් අතට නිඛිල්ට මේ interesting කතා කියවෙන ගම වටේ ඇවිදල බල්න්න ආසාවක් ආවේ අදක ඊයෙක නෙවෙයි. ඒත් එයා හිතන් ඉන්නවට වඩා එයා යන්න ඕනෙ කියන තැන් වලට යන්න ලේසි නැති නිසා දෙව්හස්ේ ගමන කල් දැම්මෙ නිඛිල්ට හොදටම හොද වෙනකන්. ඉතින් අන්තිමේ දෙව්හස් යමු කියල කියපු පමාවට නිඛිල් එලියට බැස්සෙ දැනටම හවස් වෙලා නිසා රෑ වෙන්න කලින් ගොඩාක් තැන් එයාට බල්න්න යන්න ඕනෙ කියල.
YOU ARE READING
ආර්‍යආත්ම ( Aaryathma )
Non-Fiction" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"