නිඛිල් හිමීට ඇස් ඇරියේ ඔලුව පුපුරන්න තරම් දැනුනු වේදනාවකුයි මුලු ඇඟම තලල දාලා වගේ හැඟීමකුයි එක්ක. එයාට මුලින්ම දැනුනේ බෙහෙත් බඩු සුවද එක්ක එකට එකතු උන සඳුන් සුවදක්. එයා එහෙම්ම වටේට ඇස් කැරකුවේ ඉන්න තැන් හොයා ගන්න. ලී වලින් හැදුවා උනත් පිලිවෙලට සුවපහසුවට තියෙන කාමරයක්. විශේශම දේ ඒක තනිකරම බෙහෙත් බඩු වලින් පිරුන කාමරයක්. ඉතින් නිඛිල් හිමීට නැගිටින්න ට්රයි කරනකොට එයාට එක පාරටම ඇහුනේ කාමරේ දොර තිබුන පැත්තෙන් හරි ගැභුරු ගාම්භීර කටහඬක්.
" ආ සුදු මහත්තයා නිදගෙන නැගිට්ටද ? කෝපි එකක් ගෙනත් දෙන්නද ? චීස් කේක් එක්ක "
නිඛිල් එහෙම්ම බෙල්ල හරවල බැලුවේ එයා මේ වගේ වෙලාවට කන්න ආසම කෑම ගෙනත් දෙන්නද කියල අහපු ඒ කෙනා දිහා. අඩි හයයි දෙකක් විතර උස. කැරලි ගැහුන බෙල්ල ගාවට දිග කොන්ඩේ තලෙලු හම කැහැපට ගහල තිබුන සුදු පාට සරම එක්ක නිරුවත් උඩු කයේ කැපිලා පේන රත්තරන් සුරයක්. නිඛිල්ට කෙල ගිලුනේ ඔක්කොටමත් වඩා තෙත කොන්ඩෙන් බේරුන වතුර බිංදු හොඳට හැදිලා තිබුන දෙකට බෙදුනු පපුව මැදින් ගිහින් සරමේ ඉනකඩ ගාවින් අතුරුදහන් වෙනවා දැක්කම. ඒත් එක්කම කොල්ලා පියවි සිහියට ආවේ එයාගෙ මූනට ඉහුන වතුර බ්ංදු වලින්. ඒ වතුර ඉහුනේ අර කෙනා ගසපු කොන්ඩෙන් කියල දැකපු නිඛිල් ඉක්මනින්ම එයාට උත්තරයක් දුන්නෙ ආපහු එයා කැමතිම කෑම මතක් උන නිසා මූනට ඇඳුන හිනාවත් එක්ක.
" අනේ හාකෝ ... "දෙව්හස් උපහාසෙට ඇහුවත් නිඛිල් ඒක එයා ඇහුවේ ඇත්තටම කියල හිතල දීපු උත්තරෙත් එක්ක දෙව්හස්ගේ බලල් ඇස් එකපාර හීනි උනේ එයාගෙ මුලු මූනම නපුරු පාටින් පුරවල. එහෙම්ම නිඛිල් ගාවට ආපු දෙව්හස් නිඛිල්ගේ බෙල්ල හරියෙන් කොන්ඩෙන් අල්ලල මූන උඩට ඉස්සුවේ නලලේ තිබුන තුවාලෙ එක පාර ඇදුන වේගෙට නිඛිල්ගෙ ඇස්වලට ඉබේම කඳුලු පිරෙනකොට.
" ඈ බොල. උබ හිතුවේ කොහෙවත් ඉන්න පර හැත්තට ජාතක උන සුදු පැටව්ට කන්න පුදන්න සූරියබණ්ඩාර උන්ට මාන්දම කියලද ? "
නිඛිල් තමන්ව විහිලුවකට ගත්ත කියල හිතපු දෙව්හස් ඒ ආවේගෙන්ම නිඛිල්ව තල්ලු කරන ගමන් කොන්ඩේන් අතෑරියත් නිඛිල් ඒ වෙනකොටත් ඉන්නෙ සිහි නැතුව කියල තේරුම්ගන්න පරක්කුවට කොල්ල එහෙම්ම ආපහු හරහටම ඇද උඩට වැටුනේ නල්ලේ ඔතල තිබුන සුදු පාට වෙලුම් පටි තනි රතු පාට කරගෙන. කොච්ච්ර තරහක් හිතේ තිබුනත් උන දේ එක්ක කලබල උන දෙව්හස් නිඛිල්ව හරි විදිහට ඇඳේ හාන්සි කරල නාඩි බලන්න ගත්තෙ එයා මෙච්චර කාලයක් ඉගෙන් ගත්ත වෙද ශාස්ත්රයට අනුව මෙහෙම දෙයක් වෙන්න කොහොමවත් බැරි නිසා. ඒත් නිඛිල්ගෙ නාඩි වැටෙන එක දැනටමත් නතර වෙලා කියල දැනුනම දෙව්හස් එහෙන්ම නිඛිල්ගෙ ඇඳේම බද්ධ පර්යංකෙන් ඉඳගත්තෙ ජීවිතේ සූරියබණ්ඩාර කෙනෙක්ට එක පාරක් විතරක් ගන්න පුළුවන් දරුනුම තීරණය තප්පර ගානක් ඇතුලත ගන්න ගමන්. තමන් වැඩිපුරම වෛර කරන කෙනෙක් වෙනුවෙන් ඒ තීරණය ගන්න තමන් හිතුවෙවත් ඇයි කියන එක දෙව්හස්ටත් ප්රශ්නයක් උනත් ඇතිවුන කලබලේත් එක්කමද මන්දා දෙපාරක් නොහිතා කොල්ලා ඒ තීරණය ගත්තා. ඒ තමන්ගේ අභ්යන්තර බල හරය නිඛිල් එක්ක බෙදා ගන්න.
BẠN ĐANG ĐỌC
ආර්යආත්ම ( Aaryathma )
Phi Hư Cấu" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"