තිස්වෙනි දිගහැරුම

2.2K 386 47
                                    

පාන්දර තුනේ කණිසමේ එහෙම නැත්නම් ආත්ම වැඩිපුර ම බලවත් වෙන වෙලාවේ ආත්ම බන්ධනයක් සාර්ථක ව ඉවර කරපු ශාලිනී තමන් ඉස්සරහා තියෙන හත් පෙණ නාග ප්‍රථිමාවටත් අදාල වතාවත් ටික කරලා එහෙම්ම ගියේ රෝහණ දේවේන්ද්‍ර හම්බවෙන්න.ඒ වෙනකොටත් කන්තෝරු කාමරේ පත්තුවෙලා තිබුණු ලයිට් එකෙන් ශාලිනී දැනගත්තා එයාගේ සීයා තාත්තාත් මේ වෙනකොට ඉන්නෙ ඇහැරලා කියලා.

කාමරේ දොරට තට්ටු කරපු ශාලිනීට සීයාගේ අවසරය හම්බවෙනවාත් එක්කම එයා කාමරේ ඇතුලට ගියේ දොරත් ලොක් කරගෙනම.

" ඒ පැත්තේ වැඩ කොහොමද ?"

ලිය ලිය හිටපු පෑන කොලේ උඩින්ම තියපු රෝහණ දේවේන්ද්‍ර ශාලිනීගෙන් ඇහුවෙර් එයා දිහාවට තද බැල්මක් දීලා.

"නිඛිල් එන්න එන්නම සූරිය බණ්ඩාර වලව්වේ අයගෙන් ඈත් වෙනවා. මංගලා මැණිකේ වගේම දෙව්හස් හාමුත් දැං වෙනදාට වඩා මාත් එක්ක එකතුයි."

"ශාරධ මෙච්චර කාලෙකට කරපු එකම මොළේ ඇති වැඩේ  ඔය කසාදේ ගැන සූරියබණ්ඩාර වලව්වට යෝජනාව ගෙනියපු එක විතරයි. ශාරධලා මේ ගැන මොනවද දන්නේ? "

ශාරධ මේ වැඩවලටවත් පවුලේ වැඩවලටවත් ගෑවෙන්නෙ නෑ වගේම උරුමක්කාරයා නෙවෙයි නිසාත් එයාට ශාලිනීට තරම්වත් බලයක් නැති නිසාත් සියාතාත්තා එයාව ඒ වැඩවලට කොහොමත් ගාවගන්නෙ නෑ කියල දන්නවා උනත් තමන් ඉස්සරහම තමන්ගේ තාත්තට එහෙම කියපු එකට ශාලිනීට තරහ ගියත් එයා ඒක නොපෙන්නා ඔලුව විතරක් වැනුවේ මෙතන ඒක ගැන කතා කරල තේරුමක් නැති නිසා.

" තාත්තා හිතාගෙන ඉන්නේ මම සීයා තාත්තාට බල කරපු නිසා මේකට අවසරේ දුන්නා කියලා. එයාගේ අසනීපෙත් එක්ක එයාට දැන් කොහොමත් ඕනේ මේක ඉක්මන් කරන්න ."

" ම්ම්ම්...එතනින් එහාට වැඩේ තියෙන්නේ උඹේ අතේ. උරුමක්කාරයාගේ කැමැත්තෙන් උරුමය පවරාගන්න පුලුවන් උනොත් කඩදොර උරුමය විවෘත කරන්න හරිම උරුමක්කාරයා ඕනේ. උඹට තියෙන්නේ කොහොම හරි එයාලාගේ විශ්වාසය දිනාගෙන එයාලත් එක්ක ඔය වැඩේට හවුල් වෙලා කඩදොර උරුමය විවෘත කරගන්න එක.එතනින් එහාට වැඩේ මම බලාගන්නම්."

ආර්‍යආත්ම ( Aaryathma )Donde viven las historias. Descúbrelo ahora