දාහතරවෙනි දිගහැරුම

3.2K 546 75
                                    

මේවා කියවන්න කොහෙන් පටන් අරන් කොහෙන් ඉවර කරන්නද කියල නිඛිල් හිතාගන්න බැරුව ඉන්නකොට දෙව්හස් එයාට හිතුන හොදම අදහස නිඛිල්ට කීවේ හොදම විදිහ ඒක කියල හිතුන නිසා.
" ආර්‍යන් ඔයා මේ සයිඩ් එකේ පොත් බලන්න. ඒවා ඔක්කොම සිංහලෙන් තියෙන්නෙ. මම අනිත් පැත්තෙ ඒවා බලන්නම්. ඒවා ගොඩක්ම තියෙන්නෙ පරණ සිංහලෙන් හරි, පාලි හරි සංස්කෘති හරි ඒවගෙ මික්ස් ඒවා විදිහට හරි. අපි අකුරෙන් අකුර කියවන් නැතුව නිකන් පෙරලන් පෙරලන් යමු. මොකද ඔතන ගොඩක්ම ඇත්තෙ වෙද පොත් අනම් මනම්. වැදගත් දේවල් ඇති කියල හිතෙන පොත් වෙනම අයින් කරල පස්සෙ දෙන්නත් එක්ක එකතු වෙලා කියවමු. එහෙම හොඳයි නේ. "

දෙව්හස්ගේ අදහසට එකඟ වෙලා පටන් ගත්ත වැඩේ දවස් දෙකහමාරක් පුරාවට ඇදිලා ගියේ එයාලා කන්න බොන්නයි නිදියන්නයි විතරක් උඩට ඇවිත් අනිත් මුලු දවසම පොත් කාමරේ ගතකරද්දි. අන්තිමේ ඒ මුලු පොත් ඔක්කොගෙන්ම පොත් විස්සක් විතර ගත යුත්තක් ඇතියි කියල මේසෙ උඩ ගොඩ ගැහෙද්දි දෙව්හස් වගේම නිඛිල් හිටියේ එක දිගට කියවල කියවල මත් වෙලා වගේ ඒ නිසා දෙන්නම තීරණය කලා අද හවස්වෙලා නිඛිල් කොච්ච්‍රවත් බලන්න යන්න ඕනෙ කියන ඉස්සර දුටුගැමුනු කුමාරයා හිටිපු වීසුරුගෙදර බලලා එතන තියෙන පොඩී දියඇල්ලක් වගේ පීල්ලෙන් නාලා එහෙම එන්න.





ඒ අස්සෙ මේ දවස් ටිකම ශාලිනීටත් වැඩ ගොඩක් තිබුන දවස් උනා. සීයටයි තාත්තටයි හොරෙන් කියවපු එයාලගෙ පරණ පොත්වලින් කඩදොර උරුමය මහලොකුවට ගත යුත්තක් නැති වෙද්දි එයා අන්තිමේට ලොකු තීරණයකට ආවා. ඒ තමයි එයාගෙ පතිවෘත්තතාවය ඇපේට තියලා මිය ගිය කන්‍යාවියක් ගෙන්නන එක. ඒත් ඒ ගෙන්නන කෙනා ඒ සම්බන්ධව මොනාම හරි දන්න කෙනෙක් වෙන්න ඕනෙ නිසා මේ දවස් ටිකම එයා කලේ එයාලගේ පරම්පරාවේ කන්‍යාවියක් විදිහට මැරුන මේ දේවල් ගැන දන්නවා කියල හිතන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියල හොයන එක. සෑහෙන මහන්සියකට පස්සෙ එයාට ගැලපෙනම කෙනෙක් හොයා ගන්න ශාලිනීට පුලුවන් උනා. දුටුගැමුනු කුමාර්‍යා හිටපු කාලෙට පරම්පරාවක් විතර පස්සෙ හිටපු කඩදොර උරුමය ගැන හොයන්න ගිහින්ම අඩු වයසින් මැරුනු දේවේන්ද්‍ර පවුලේ ඒ කාලෙ හිටපු දක්ශතම ගුප්ත වේදිනියක් ගැන දැනගන්න ශාලිනීට පුළුවන් උනා. ඒත් එයාට තිබුන ලොකුම අභියෝගෙ උනේ එයා මේ වෙනකොට ආත්මයක් විදිහට සැරිසර්න්නෙ නැත්නම් ශාලිනීගෙ ආත්ම කැඳවීමට වෙන කෙනෙක් අහු වෙලා ශාලිනීට කරදරයක් උනත් වෙන්න පුළුවන් එක. ඕනෙම දේකට කැපකිරීමක් තියෙන්නම ඕනෙ නිසා අනිතිමේ ශාලිනී ආත්ම කැඳවීම කරන්න තීරණය කලේ එයාගෙ යාලුවා සස්මිතගෙනුත් උදව් අරන්. ශාලිනීගේ ජීවිතේට හානියක් වෙන දේකට එයා දැන දැනම අත දාන එකට සස්මිත විරුද්ධ උනත් කොච්චර කීවත් මුරණ්ඩු කෙල්ලෙක් උන ශාලිනී එයාගෙ මතේම හිටියේ අන්තිමේ හැමදාමත් වගේ සස්මිත ශාලිනීගේ කීමට එකඟ වෙද්දි.

ආර්‍යආත්ම ( Aaryathma )Donde viven las historias. Descúbrelo ahora