ශාලිනී නිඛිල්ව ඒ කලුවර කාමරේ දාලා ගියේ නිඛිල්ව කල්පනා ලෝකෙකට ඇදලා දාලා. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ දේවේන්ද්‍රලාට ඕනෙ උරුමය. ඒත් නිඛිල්ලා හීනෙකින්වත් හිතුවේ නෑ දේවේන්ද්‍රලා ඒ වෙනුවෙන් මේ වගේ දෙයක් කරයි කියලා. නිඛිල්ට හිතුනා ඒ අතින් බලද්දි සූරියබණ්ඩාරලාට වඩා දේවේන්ද්‍රලා ඉස්සරහින් කියලා. නොහිතන මොහොතක නොහිතපු විදිහට පහර දෙන්න.
පැය තුනක් ! පැය තුනක් යනකනුත් ඒ කාමරේට කවුරුත් ආවේ නෑ වගේම නිඛිල් බලාපොරොත්තු උනෙත් නෑ දැන්ම කවෘත් එයි කියලා. පුටු ඇන්දට වගේම පුටු කකුල්වලට හිර කරලා බැඳලා තිබුන අත් කකුල් මේ වෙනකොටත් තුවාල වෙලා තිබුනේ පොඩ්ඩක් හරි බුරුල් කරගන්න නිඛිල් උත්සාහ කරපු නිසා. ඒත් ඒක සාර්ථක නොවෙද්දි අවසානේ උනේ එයාගේ අත් කකුල් ලණුවලට කැපිලා තුවාල උන එක.
සිහිය නැති කරන්න දීපු ඩෝසේජ් එක නිසාද මන්දා ඔලුවත් කකියන්න රිදුනේ ඇස් පවා බරවෙලා තියෙද්දි. ඒ හින්දම නිඛිල් ඇස් පියාගත්තේ එහෙම හරි පොඩි සහනයක් බලාපොරොත්තුවෙන්. මොකද එයා දෙව්හස්ට දැනුන් දෙන්න එයාගෙ අන්තර් සංන්නිවේදන බලය පාවිච්චි කරන්න උත්සාහ කලත් ඒකට අසාර්ථක උනේ කුටිය ඇතුලේ බලයන් පාවිච්චි කරන්න බැරි විදිහට මුද්‍රා කරලා කියලා නිඛිල්ට තේරුම් යද්දි. ඉතින් ඒවත් එක්ක නිඛිල්ට තේරුනේ එක දෙයයි. ඒ මේක ලේසියෙන් ඉවර නොවෙන සටනක් වෙලා ඉවරයි කියන එක !
තව ටික වෙලාවකට පස්සෙ, නිඛිල්ට අනුව පැය දෙකකට විතර පස්සෙ ආපහු එයා හිටපු කාමරේ දොර ඇරුනා. එයා බලාපොරොත්තු උනේ රෝහණ දේවේන්ද්‍රව උනත් ආපහු ඇවිත් ඉන්නෙ ශාලිනී කියලා දැක්කම එයා අහක බලාගත්තේ නිඛිල්ගේ මේ මුරණ්ඩු හැසිරීමට ශාලිනීටත් නොසෑහෙන්න තරහ යද්දි.
" මොකටද ආපහු ආවේ ශාලිනී. ඔයා ඔහොම නෙවෙයි කොහොම කීවත් මම උරුමේ උබට පවරන්නෙ නෑ. ඔයාගේ වචන නාස්ති කරගන්නෙ නැතුව ය.. අබ්බ්.. බ්බ්... "
නිඛිල් කියපු දේවල් නෑහුන ගානට නිඛිල් ගාවට ආපු ශාලිනී නිඛිල් හිතන්නත් කලින් එයාගේ පිටිපස්සෙන් හංගන් ආපු පොඩි කුප්පියක් නිඛිල්ගේ නහය හිර කරලා කියව කියව හිටපු නිඛිල්ගේ කටට හැලුවේ ඒ අමුතු රසයක් තිබුනු දේ නිඛිල්ට උනේ මොකක්ද තේරෙන්නත් කලින්ම ගිලිලා යද්දි.
ESTÁS LEYENDO
ආර්‍යආත්ම ( Aaryathma )
No Ficción" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"