ඒ වෙනකොටත් හවස් වෙලා තිබුන නිසා දෙව්හස් ශාලිනීව දේවේන්ද්‍ර ගෙදරට ගිහින් දාන්න හිතුවත් තාමත් කට්ටියට නැකැත් පත්‍ර ගැන හරියට කතා කරගන්න බැරි උන නිසා දෙව්හස් ශාලිනීව සූරියබණ්ඩාර වලව්වට අරන් ගියා. ශාලිනීට බොන්න කිරි එකක් හදන්න කියලා වැඩ කරන අයට කියපු දෙව්හස් ශාලිනීව සාලේ තිබුන සෝෆා එකේ ඇල කලේ එයාට කාමරේකට යමුද ඇහුවත් ඕනෙ නෑ කියපු නිසා.
වෙනදා තියෙන ප්‍රබෝධමත් මූන වෙනුවට මැලවුනු මූනක් එක්ක ඇසුත් වහන් සෝෆා එකේ දිගෑදිලා ඉන්න ශාලිනී දිහා දෙව්හස් බලන් හිටියේ කරන්න දෙයක් හිතාගන්න බැරුව. කෙනෙක් තමන්ගේ කිඩ්නි එකක් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී දෙනවා කියන්නෙ ඒක සෑහෙන කැපකිරිමක් කියලා දෙව්හස් දන්නවා. ඒකත් මෙච්‍චර තරුන වයසකදි ! එදා හොස්පිට්ල් එකේදි අහම්බෙන් හරි එයා ශාලිනීව දැක්කේ නැත්නම් තාමත් එයා තමන්ට කිඩ්නි එක දුන්නා කියලා දන්නෙ නෑ නේද කියලා හිතද්දි දෙව්හස්ට ලොකූ හුස්මක් පිටඋනා.
" ඇයි ශාලිනී නංගි ඔයා මෙච්‍චර දෙයක් කලේ. එහෙම නොවුනා නම් මේ දේවල් ලේසියෙන්ම විසදෙන්න තිබ්බා. ඒත් දැන් මම කොහොමද හිතා හදාගෙන ඔයාට පිටුපාන්නෙ කෙල්ලේ ? නොදන්න විදිහටම ඉදලා මේ දේවල් විසඳුවත් කවදාවත් මට මගේ හර්ද සාක්ශියෙන් ගැලවෙන්න බැරි වෙයි. "
එහෙම හිතන ගමන් දෙව්හස් ශාලිනීගේ ඔලුවත් අතගාගෙන ගියේ පොඩ්ඩක් මූන අතපය හෝදගන්න.
ටික වෙලාවක් යද්දි නිඛිල්ලත් ආවේ නිඛිල්ගේ රතු උන ඇස් දෙව්හස්ගේ තියුනු ඇස්වලට පේද්දි. ඇයි අහන්න වගේ බැලුවත් නිඛිල් එයාව මඟාරිද්දි එයා අභිශේක් දිහා බැලුවත් එයාට එතනින් හම්බුනෙත් රැවිල්ලක් විතරක් වෙනකොට දෙව්හසුත් ඔරවලා අහක බලාගත්තේ කට්ටියට ම මොකද වෙලා තියෙන්නෙ කියලා හිතන ගමන්. අනිවාර්යයෙන් කට්ටිය වලියක් අල්ලන්න ඇති කියලා එයාට හිතුනේ සස්මිතගේ පවා මූන අවුල් ගිහින් තිබුන නිසා.
ශාලිනීට ආපහු පණ ගහල එද්දි කට්ටියම කන්තෝරු කාමරේට ගියේ අරන් ආපු බඩු ටිකත් එක්ක. මොකද වීසුරුගෙදර ගාවදි සස්මිත කියෙව්වේ එතන උඩම තිබුන පත්‍රය විතරයි. ඒත් ඒක හරියට පිටු ගානක පුස්කොල පොතක් වගේ. තවත් සෑහෙන්න පිටු තිබුනා. ඉතින් ටික වෙලාවක් යනකන් මුලු කාමරේම ලොකු නිශ්ශබ්දතාවක් පැතිරුනේ දෙව්හස්, සස්මිත වගේම ශාලිනීත් බෙදාගෙන මේ පුස්කොල පොතේ දේවල් කියවද්දි.
YOU ARE READING
ආර්‍යආත්ම ( Aaryathma )
Non-Fiction" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"