හතලිස්දෙවෙනි දිගහැරුම

2.4K 423 102
                                    

එකපාර ඇදවැටුනු වැස්ස එක්ක කලබල උන නිතින් අභිශේක් එක්කම ශාලිනීලා ගිය කුටියටම ගියත් තමන් පිටිප්ස්සෙන් ආපු නිඛිල් නෑ කියලා දැකලා ආපහු මේඝවර්ණ දෙවොලට යන්න හැදුවා. ඒත් අභිශේක් නිතින්ව නතර කරගත්තේ වැස්සෙම නිඛිල්වත් උස්සන් දුවන දෙව්හස්ව දැකලා ඒක නිතින්ට පෙන්නන ගමන්. ඒත් ඒකෙන් උනේ නිතින් තවත් කලබල උන එක.

" අභී මට යන්න දෙන්න. දෙයියනේ නිඛිල්ට ආයම පාරක් මොනා වෙලාද දන්නෙ නෑ !! "

" ජේඩ් !! මේ අහන්න ! කලබල වෙන්න එපා. නිඛිල් ඉන්නෙ දෙව්හස් එක්ක. මම දේව්ව දන්නෙ පොඩි කාලෙ ඉදන්. කොච්චර වෛර කරනවා කියලා පෙන්නුවත් එයා එක හිතින් ආදරේ කරපු කෙනෙක්ට වෛර කරන්න එයාට බෑ. අනිත් එක මොනා උනත් ඒ ඉන්නෙ උරුමක්කාරයාගේ භාරකාරයා ! අපිටත් වඩා නිතින්ගේ අයිතිය තියෙන්නෙ එයාට. දැන් ඔයා ගියොත් දේව් අනිවාර්යයෙන් නිඛිල්ව ඔයාට දීලා මාරු වෙනවා. මේ වෙන ඒවගෙන්වත් දේව්ටයි නිඛිල්ටයි ආපහු එකතු වෙන්න චාන්ස් එකක් ලැබෙනවා නම් ඔයා ඒක මිස් කරන්නෙ ඇයි ? ම්ම් .. මාව විශ්වාස කරන්න ජේඩ් ! නිඛිල්ට මුකුත් වෙන්නෙ නෑ. "

" ම්ම් .. "

අකමැත්තෙන් උනත් නිතින් අභිශේක් කියපු දේට එකඟ උනේ එයා කියන කතාවෙත් ඇත්තක් නැත්තෙමත් නැති නිසා.







තෙත බේරී බේරී නිඛිල්වත් උස්සන් එන දෙව්හස්ව නායක හාමුදුරුවෝ දැක්කේ ඈත තියාමයි. දෙව්හස් එන පමාවට ආවාස ගේ ඇතුල් වෙන තැනම තියෙන අමතර කාමරේ පොඩි ඇඳ උඩට උන්වහන්සේ රෙද්දක් දැම්මේ දෙව්හස්ට ඒකට එන්න කියාගෙන. දෙව්හස් නිඛිල්ව එතන ඇඳෙන් තියපු ගමන් නායක හාමුදුරුවෝ කලේ නිඛිල්ගේ නාඩි බලපු එක.

" ඔය ඉස්සරහ අල්මාරියේ ඇති අලුත් කපු රෙදි. මේ කොලුවව පිහදලා දැනට ඒකක්වත් අන්ඳන්ට. නැත්නම් සීතල අල්ලයි. බලය එකපාර දරාගන්න බැරි නිසා අභ්‍යන්තර බලය හීන උන එක ඇර වෙන ප්‍රශ්නයක් නෑ. කොහොමත් දැන් ඒකෙන් අභ්‍යන්තර බලයට හානි උන නිසා ඉක්මනින් අසනීප වෙන්න බලයි තවත් සීතල ඇල්ලුවොත්. දෙව්හස් හාමුත් පිහදගෙන එයින් එකක් ඇඳගන්න. "

නායක හාමුදුරුවෝ දෙව්හස්ට නිඛිල්ව භාර දීලා කාමරෙන් එලියට ගියේ දෙව්හස් අල්මාරියෙන් කපු රෙදි තුනක් එලියට ගද්දි. නිඛිල්ගේ අතේ මේ වෙනකොටත් හිර වෙලා තිබුන හක්ගෙඩිය හිමින් සීරුවේ පරිස්සමට අරන් එයාගෙ ඔලුව ගාවින්ම තියලා තෙත ඇඳුම් එකින් එක ගැලෙව්වත් එයා පරිස්සම් උනා නිඛිල්ගේ නිරුවත නිරාවරණය වෙන්න නොදී අන්ඳගන්න. මොකද දෙව්හස්ට හිතුනා බැරිවෙලාවත් නිඛිල් මේකට අකමැති නම් කියලා. එයාගෙයි නිඛිල්ගෙයි දැන් තියෙන සිටුවේශන් එකත් එක්ක දෙව්හස්ට හිතුනා නිඛිල්ගේ අවසරයක් නැතුව එයාව නිරුවත් කරන එක හරි නෑ කියලා. නිඛිල් කොහොමත් උඩටවත් ඇඳුමක් නැතුව ඉන්න අකමැති නිසා උඩ ටී එක පපුව හරියට බාගෙට ගලවලා ඊට උඩින් රෙද්ද අන්දලා ඊට පස්සෙ ඇඳුම් ටික ගලවලා දාපු එයාගෙ අතට අහු උනා අදටත් නිඛිල්ගේ ඉනේ තියෙන එයා අරන් දීපු බෙලි චේන් එක. ඒත් එක්කම දෙව්හස්ගේ මතක නිඛිල් එක්ක ආදරෙන් හිටපු ඒ කාලෙට දිව්වා.

ආර්‍යආත්ම ( Aaryathma )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ