පනස්වෙනි දිගහැරුම

2.3K 437 81
                                    

49 කියෙව්වද බලලා ඉන්න.



..... .......... ...... ..... .. .....................................................


" ඔය ලමයට දැන් කොතන ඉඳන්ද දැනගන්න ඕනෙ ? "

" මුල ඉඳන්ම "

බරණ ගණිතයා අහපු දේට නිඛිල් ඒ විදිහට උත්තර දුන්නෙ ගණිතයා එතන බිම ඉඳගෙන නිඛිල්ටයි දෙව්හස්ටයිත් ඉඳගන්න කියලා සන් කරන ගමන්.

" හොඳයි. එහෙනම් මම මුල ඉඳන්ම කියන්නම්කෝ. හැබැයි සමහර තැන් තියනවා වෙලාව ආවම ඔය ලමයි දැනගන්න ඕනෙ ඒවා. ඒවා පස්සට තියලා මම දැනට ඔයාලා දැනගත යුතු තැන් ටික පැහැදිලි කරලා දෙන්නම්කො එහෙනම් "

බරණ ගණිතයා ලොකු කතාවකට මුල පුරද්දි දෙව්හස් වගේම නිඛිල් හරිබරි ගැහිලා එයා ඉස්සරහින් ඉඳගත්තේ අදවත් මේවා විසඳගන්න බලාපොරොත්තුවෙන්.

" මීට අවුරුදු ගානකට කලින් රාවණ යුගයේ ඉඳන්ම එන දෙයක් තමයි කඩදොර උරුමය කියන්නෙ. ඒක අයිති එක කෙනෙක්ට නෙවෙයි. අදාල කාලෙට ඒ උරුමේ දරන්න පුළුවන් හොඳම කෙනෙක් වීරසූරිය ලේ තියෙන භාරකාරයෙක් එක්ක බිහි උනා.

ඒ උරුමේ රකින්න භාර උනේ මේඝවර්ණ දෙවියන්ට. කොත්මලේ සානුව කියන්නෙම ලංකාද්වීපෙම වර්ෂාව පාලනය කරන තැනක්. කොත්මලේ සානුවට වැහි වැටෙන්නම ඕනෙ ලංකාවට වැහි ලැබෙන්න. ඉතින් මේ අඩවියේ බලවත්ම දෙවියන් උනේ මේඝවර්ණ දෙවියන්.

කාලෙන් කාලෙට උරුමේ හොයන් ආපු උරුමකරුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව උරුමේ භාරගත්තා. හැබැයි ඒ ගැමුණු කුමාරයා උරුමයේ භාරකරු වෙනකන් විතරයි ! "

" උරුමයේ භාරකාරයා ගැමුනු කුමාරයා ?? "

බරණ කියපු දේවල්වලින් දෙව්හස් වගේම නිඛිලුත් පුදුම උනේ එයාලා හීනෙන්වත් එහෙම දෙයක් හිතුවේ නැති නිසා.

" ඔව්. එතනින් තමයි හැමදේම වෙනස් උනේ. අතීතේ ඉඳන්ම උරුමක්කාරයන් උරුමේ ගැන දේවල් කොහෙවත් ලිඛිතව සඳහන් කලේ නෑ. අඩුම පරම්පරාගත පුස්කොලපොත්වලවත්. එයාලා එහෙම කලේ උරුමේ ආරක්ෂාවට. හරිම කාලෙට ඊලඟ උරුමක්කාරයා එනකන් උරුමේ රැකගන්න.

ඔහොම යනකොට ඊලඟ උරුමේ භාරකාරයා උනේ ගැමුනු කුමාරයා. ඔය ළමයට වගේම ගැමුණු කුමාරයාටත් මේඝවර්ණ දෙවියන් එවපු පණිවිඩේ ලැබුනා උරුමක්කාරයා රැකගන්න කියලා. ඔය ළමයා මේ උරුමයක් ගැන දැනගෙන හිටියට ඒ වෙද්දි ගැමුණු කුමාරයා දැනන් උන්නෙ නෑ. මොකද ගැමුනු කුමාරයාගේ අම්මා තමයි වීරසූරිය පෙලපතට අයත් උනේ. විහාරමාහා දේවිගේ අයියණ්ඩිගේ ගෙදර, වීසුරුගෙදර තමයි කුමාරයා නැවතිලා උන්නෙ. අන්න උන්දැලා තමා වීරසූරියලා උනේ.

ආර්‍යආත්ම ( Aaryathma )Donde viven las historias. Descúbrelo ahora