තිස්හයවෙනි දිගහැරුම

2.1K 384 31
                                    

" වෙදසීයා කියන්නෙ දෙව්හස්ට තියෙන්නෙ Rh-null blood group එක උනත් නිඛිල්ගේ kidney එකක් බද්ධ කරන්න පුළුවන් කියලද ? නිඛිල්ට තියෙන්නෙ o- blood. එතකොට ඒක කොහෙත්ම වෙන්න බෑ නෙ "

වෙදසීයා කියපු දෙව්හස්ගේ කතාව මුල ඉදන් අහන් ඉදපු නිතින් කෙලින්ම වෙදහාමුගෙන් ඇහුවේ මේක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි නිසා. O- කියන්නෙත් ටිකක් විතර ස්පෙශල් බ්ලඩ් ගෘප් එකක් උනත් golden blood කෙනෙක්ට දෙන්න විදිහක් කොහෙත්ම නෑ නෙ ! ඒත් නිතින්ගේ කතාව එක්ක වෙදහාමු බැලුවේ නිතින්ගේ එහා පැත්තෙ ඉඳගෙන ඉන්න නිඛිල් නිසා.

" මම හරි නම් ඔය ළමයි දෙන්නා අතරේ ආත්ම හුවමාරුවක් උනා ! පුදුම වෙන්න එපා දෙව්හස් ළමයම බලනකොටම මට තේරුනා ආත්ම හුවමාරුවක් වෙලා තියෙන වග. ඔය ළමයව බලද්දි මට තහවුරු උනා ඒක. ඒක එහෙම නේද ? "

මෙච්‍චර කාලෙකට එයාලා අතරේ විතරක් තිබුන රහසක් ඒ ගැන වචනයකින්වත් අඟවන්නෙවත් නැතුව නියම්ගම්පාය වෙදහාමු දැනගෙන තියෙන එක හැමෝටම පුදුමයක් උනා. ඒකෙන්ම එයාලට වෙදහාමුගෙ හැකියාව කට්ටියට හොඳටම තේරුනා.

" ඒක එහෙම නම් මට සීයට හතලිහක විශ්වාසයක් තියෙනවා ඔය දෙන්නගේ ලේ වර්ග දෙකක් උනත් ඔයාලට ඔයාලගේ අවයව බද්ධ කරන එක ප්‍රශ්නයක් නෑ කියලා. මිනිස්සු හිතුවට ලේ වර්ගෙ විතරයි ගැලපෙන්න ඕනෙ කියලා එහෙම නෑ. හරියට බැලුවොත් ලේ වලටත් වඩා අභ්‍යන්තර ශක්තීන්වල ගැලපීමක් තියෙන්නම ඕනෙ. ඒකයි ඔය ලේ වර්ගෙ සමාන උනත් අවයව නොගැලපෙන වෙලාවල් තියෙන්නෙ. අපි පොඩ්ඩක් පරීක්ෂා කරල බලමු "

" හරි ඒ දෙන්නගේ kidneys match උනත් මේ transplant එක හොස්පිට්ල් එකක කරන්න ඕනෙ. ආය කතා දෙකක් නෑ එහෙම නැති උනොත් මම මේකට ඉඩ දෙන්නෙ නෑ. නිඛිල් , කියවගෙන එන්න එපා මොන දේ උනත් සුවසෙවනේ හරි general hospital එකේ හරි ආසරි එකේ හරි මිසක් මම මේක කරන්න පර්මිශන් දෙන්න් නෑ. "

උපන් දා ඉදන් කොළඹ හරි රටින් පිට හරි හැදුන නිතින් කොච්චර කොහොම උනත් මේ වගේ දේකදි සිංහල වෙදකම විශ්වාස කරන්න මැලි උනා. හොස්පිට්ල් වල තියෙන මැශින්ස්, බෙහෙත් වර්ග, බෙහෙත් ක්‍ර්ම එක්ක මේ පොඩි වෙදගෙදර සැසඳුවාම එයාට හිතාගන්න බැරි උනා.

ආර්‍යආත්ම ( Aaryathma )Onde histórias criam vida. Descubra agora