හතලිස් නමවෙනි දිගහැරුම

2.2K 460 57
                                    

" දෙව්හස් .. අපි .. ටිකක් .. ඉදල යමුද .. "

තවත් විනාඩි පහලවකටත් වඩා නිඛිල් දෙව්හස්ගේ උර උඩින් ගමන ගියේ එන්න එන්න එයාට රස්නේ සෑහෙන්න අමාරු වෙද්දි. අනිත් එක නොකීවට දෙව්හස් ඉන්නෙත් අමාරුවෙන් කියලා නිඛිල්ට තේරුනා. මේ රස්නේ ගුහාවේ තව කෙනෙක්ව පිටේ තියන් අරන් යනවා කියන්නෙම මාරකයක් පනිනවා වගේ වැඩක්. ඉතින් දෙව්හසුත් නිඛිල් කියන දේට එකඟ වෙලා එයාව බැස්සුවේ දෙව්හස්ටත් විවේකයක උවමනාවක් තදින්ම දැනුන නිසා.

දෙව්හස්  නිඛිල්ව බස්සපු ගමන් නිඛිල් කලේ එතනම බිම ඉඳගෙන   උමං බිත්තියට ඔලුව ගහගත්තා. එයා සිය දහස් වාරයක් සතුටු උනා එදා පන්සලේ සිද්දියත් එක්ක එයා කිඩ්නි සර්ජරි එකේ මාක් එක ෆවුන්ඩේශන්වලින් වහන්න ගත්තු තීරනයට. එදා කාගේ මොන වෙලාවටද මන්දා දෙව්හස් නිඛිල්ගේ මාක් එක නොදැක බේරුනත් නිඛිල්ට ඕනෙ උනේ නෑ ආය රිස්ක් එකක් ගන්න.

පොඩි කාලෙ ඉදන් ඩ්‍රාම කරපු නිඛිල්ට මේකප් කියන්නෙ නම් කොහෙත්ම නුහුරු දෙයක් නෙවෙයි. අනිත් එක කොයි වෙලේත් ලස්සනට ඉන්න කැමති නිඛිල් වැඩිය පාවිච්චි නොකලත් ඕනෙ උනොත් ගන්න කියලා ෆවුන්ඩේශන් එකක් වගේම ලිප් ග්ලොස් එකක් එයාගෙ බෑග් එකේ දාගෙන හිටියා. ඉතින් මෙදා පාර නිඛිල් ඒ ෆවුන්ඩේශන් එක පාවිච්චියට ගත්තේ තමන් එහෙම දාගන ඉන්න ගත්තු තීරනයට පින් දෙන ගමන්.

එක එක දේවල් හිත හිත සිහියෙන් ඉන්න උත්සාහ කලත් නිඛිල්ට දැනුනා එන්න එන්නම එයාගේ සිහිය එයාගෙන් මිදෙනවා කියලා. දරාගෙන ඉන්න උත්සාහ කලත් තවත් දරාගන්න බැරි ගතියක් එයාට දැනෙද්දි අන්තිමේ දි එයා එයාගෙ ඇස් පිහාටුවලට දිනන්න ඉඩ දුන්නා.







දෙව්හස් හිටියේ එයාලා ආපු වේගෙයි ආපු කාලෙයි එක්ක කොච්චර දුරක් එන්න ඇද්ද කියලා හිතන ගමන්. එයාට තේරුණා එයාලා ආපු විදිහට මේ වෙද්දි කිලෝමීටර් පහකට කිට්ටු වෙන්න ඇවිත් තියෙන්නොනේ කියලා. දෙහදුකඩුල්ලේ ඉදන් කිලෝමීටර් පහක් හයක් දුරකින් උරුමයක් තියෙන්න පුළුවන් තැනක් ?

" ආර්‍යන් ඔයා කීවා නේද ඔයාට දැනුනා කියලා මේ ව... ඔහ් ශිට් ආර්‍යන් !!! "

ආර්‍යආත්ම ( Aaryathma )Où les histoires vivent. Découvrez maintenant