මිනිස්සු හරි අමුතු විදිහට බැලුවත් ඒවා ගනන් නොගත්ත දෙව්හසුයි නිඛිලුයි දෙන්නා මහවැලි මහා සෑයට නිල්මානෙලුයි සූරියකාන්තයි පූජා කලේ නොගැලපෙනවා කියල හිතුවත් නිල්මානෙල් මල් මැද තියෙන සූරියකාන්ත මල් දෙක හරි අමුතු ලස්සනක් මල් ආසනේටම එකතු කරද්දි. මොකද ලස්සනම ගැලපීම් තියෙන්නෙ නොගැලපෙනවා කියල හිතෙන තැන්වලම නෙවෙයි ද ?
ආර්යාත්ම දෙන්නට නිදහසේ ටිකක් ඉන්න දීපු අභිශේක් ආපහු ඒ දෙන්න ගාවට ආවේ කට්ටියම ගාතා කියන්න පටන් ගද්දි. අම්මා බුද්ධාගමේ උනත් තාත්තා කතෝලික නිසාත් ගියේ කොලඹ ප්රසිද්ධම කතෝලික පාසලකට නිසාත් නිඛිල් වගේම නිතිනුත් ඇදහුවේ කතෝලික දහම. ඒ නිසාම අම්මා එක්ක ඉදල හිටලා පන්සලකට ගිහින් තිබුන පුරුද්ද ඇරුනම නිඛිල්ට බුද්ධාගම ගැන ලොකු දැනුමක් එහෙමට කියල තිබුනෙ නෑ. ඉතින් ඒ නිසා දෙව්හස් වගේම අභිශේක් වැදල ඉවර කරනකන් කොල්ලා බලාගෙන හිටියෙ තමන්ගේ එහා පැත්තෙ ඉන්න එයාගේ ආදරවන්තයා දිහා.
බද්ධ පර්යකයෙන් ඉදගෙන ඇස් පියාගෙන දෝත් මුදුන් දීලා වදින දෙව්හස්ගෙන් පෙනුනේ හරි පිංවත් පෙනුමක්. එක දසමයක්වත් හෙලවෙන් නැතුව හරි කෙලින් කොන්ද තියාගෙන ඇස් වහන් වටේ පිටේ දේවල්වලට අවධානෙ නොදී එක හිතින් වදින දෙව්හස් පන්සලේ උන්න අනිත් අයගෙන් කැපිලා පෙනුනේ එයාටම උරුම උන තේජස නිසා. දෙව්හස් දිහා බලන් උන්න නිඛිල්ට දැනුනේ කියාගන්න බැරි හැඟීමක්. මගේ කියල හැඟිමක්.
නිවී හැනහිල්ලේ වැදලා කරලා ඉවර උනාම තුන් දෙනාම ගියේ පහන් හඳුන්කූරු පත්තු කරන්න. කවදත් හඳුන්කූරු පත්තු කරන්න් ආසා අභිශේක් බලෙන්ම හඳුන්කූරු පැකට් එක ඉල්ලන් ඒක පත්තු කරන්න යද්දි දෙව්හසුයි නිඛිලුයි ගියේ හුලඟ නිසා පත්තු කරන එක විශ්වාස නැතත් යන්තන් හරි පහනක් පත්තු කරන්න. දෙන්නත් එක්කම එකතු වෙලා පහන් ටිකක් සුද්ද කරල ඒවට තෙල් පහන්තිර දැම්මට පස්සෙ එක පහනක් පත්තු කරපු දෙව්හස් ඒක නිඛිල් අතට දුන්නෙ ඉතුරු පහන් ටික පත්තු කරන්න කියල. ඒත් ආවරණයක් නැති තැනක තිබුන පහන් වැටේ මේ හුලඟ වෙලාවේ පහන් පත්තු කරන එක හීනයක්ම උනේ නිඛිල්ගේ මූනත් ඒ වගේම අඳුරු වෙලා යද්දි.
KAMU SEDANG MEMBACA
ආර්යආත්ම ( Aaryathma )
Nonfiksi" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"