වීසුරුගෙදර හොයන් යන ගමන කොහෙත්ම ලේසි එකක් නම් උනේ නෑ. කොටගේපිටිය කියන්නෙ මුල් හරිය ඇරුනම එතනින් එහාට අතෑරල දාපු ගමක්. තැනින් තැන තාමත් ගරා වැටුන ගෙවල්වල ජීවත් වෙන පවුල් කීපයක් හිටියත් යන්තම් අඩිපාරක් මිසක් හරිහමන් විදිහට යන්න පාරක්වත් තිබ්බෙ නැති තරම්. ඉතින් එයාලාට කැලෑවල්, පරණ පඩිපෙල් විතරක් නෙවෙයි සමහර තැන්වලදි ගෙවල් මැදිනුත් යන්න උනේ යන්න පාරවල් නොතිබ්බ නිසා.
වීසුරුගෙදර හොයාගෙන යන නිතින්ට නම් වෙනස්ම අත්දැකීමක් උනා. නිඛිල් මීට කලින් එකපාරක් දෙව්හස් එක්ක ආපු නිසා එයාට ලොකු අවුලක් උනේ නෑ. ඒත් එදා එයාලා ආවේ අනික් පැත්තෙන් නිසා නිඛිල්ටත් ගමන ලේසිම උනේ නෑ. අනිත් එක ඊයේ රෑ වැහලා තිබුන නිසා සමහර තැන් මඩවෙලා තිබුනා වගේම සමහර ගල් පඩි ලිස්සෙනසුලු උනා. ශාලිනීට මේ ගමන් හුරු උනත් කෝකටත් කියලා සස්මිත එයා ලඟින්ම යනකොට දෙව්හස් නිඛිල්ට අවධානේ දුන්නෙ නිඛිල්ටත් දෙව්හස්ගේ මේ හැසිරීම එක්ක ආපහු පුංචි බලාපොරොත්තුවක් හිතට දැනෙද්දි.
අන්තිම් දී අමාරුවෙන් උනත් නිඛිල් හිතුවා දෙව්හස්ට අවස්ථාවක් දීලා බලන්න. එයාටම ඒක මෝඩ බොලඳ වැඩක් කියල හිතුනත් එයාට තේරුනා. ආදරේදි හදවත මොලේ පරද්දනවා. ඒ නිසාම වෙන්න ඇති කෝවලන් කොච්චර ද්රෝහී කමක් කලත් කන්නගී ආපහු සමාව දීලා එයාව බාරගත්තේ. ඒක කන්නගීගේ මෝඩකම නෙවෙයි ඒක එයාගේ ආදරේ.හැබැයි, ඒ විදිහට ආදරේ වෙනුවෙන් දරාගන්න කන්නගීලගෙන් වැටෙන කඳුලක් කඳුලක් ගානේ කවදහරි කෝවලන්ලට විඳවන්න වෙනවා !!
ඉතින් නිඛිලුත් එයාගේ ආදරේ වෙනුවෙන් නොදැනීම තවත් කන්නගී කෙනෙක් වෙන්න තීරනය කලා.
තමන් යන්නෙ හරි පාරෙද බලන්න කීප පාරක්ම හක්ගෙඩිය අරන් බලද්දි ඒක ඉබේම නිඛිල්ගේ අතින් වා තලේට නැගලා වීසුරුගෙදර දිහා පෙන්නුවේ එයාලා යන දිහා හරි කියලා ඔප්පු කරලා.
VOCÊ ESTÁ LENDO
ආර්යආත්ම ( Aaryathma )
Não Ficção" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"