බෝනස් !! පනහ කියවල ඉන්න. ඊයේ රෑ දැම්මා. අද හවසට තව එකක් දාන්නම්. ඩබල් බෝනස්..................................................................................
තමන්ට ඉස්සරවෙලා තමන්ව ගනන් ගන්නෙවත් නැතුව යන නිඛිල්ව දැක්කම දෙව්හස්ට දැනුනේ කියාගන්න බැරි දුකක්. ඉස්සර තමන් අස්සෙම දැවටි දැවටි හිටපු අහිංසකයා දැන් හොයන්නවත් නැති වෙද්දි ඒ වෙනුවට ඉන්න මේ නිඛිල් දෙව්හස්ගේ හිත නොසෑහෙන්න අසරණ කලා.
නිඛිල්ගේ මේ හැසිරීමට හේතුව තමන් කියලා කට්ටිය කීවත් ඇත්තටම ඒක එහෙමද කියලා අනිත් පැත්තට අහන්නෙ නැතුව හිටියේ දෙව්හස්ගේ හිතේ තාමත් ඉන්නෙ නිඛිල් නිසා. නිඛිල්ගේ වැඩ එක්ක එයා අසරණ උන වෙලාවේ එයාගෙ ලඟින් හිටියේ ශාලිනී වෙද්දි දෙව්හස් එයාට කිට්ටු උනේ හොඳම යාලුවෙක් සහෝදරියෙක් ගාවින් හොයන සැනසීම බලාපොරොත්තුවෙන් මිසක් වෙන දේකට නෙවෙයි.
අනිත් එක කොච්චර කොහොම කීවත් මේ හැමදේම පටන් ගත්තේ නිඛිල් නිත්‍යා දේවේන්ද්‍රට ශාලිනීට වගේම මංගලා මැනිකෙට බැනපු තැනින්. ඒ ඔක්කොම පැත්තකින් තිබ්බම පඩිපෙලෙන් වැටෙන්න ගිය අම්මාව නිඛිල් තල්ලු කරපු එක, ශාලිනීත් විවාහේ තීන්දු වෙලා ටික දවසකින්ම නිඛිල් එයාට වස දෙන්න හදපු එක ! කව්රුත් හිතුවේ නෑ පුතෙක්ට ඒ දේවල් ලේසියෙන් අමතක කරන්න පුළුවන් ද කියන එක. මොකද ඒ ඉන්නෙ එයාගෙ අම්මා. මොන විදිහේ පෞරුෂයක් මොන විදිහේ හිතක් තිබුනත් අම්මා කියන වචන තුනට ඒක යටයි !
ඒත් දෙව්හස් ඒක කලා. එයා ඒ මොන දේ කලත් එයාගේ ආර්‍යන්ට ආදරේ කලා. ඒ දවස්වල උන දේවල් එක්ක තරහක් ඇති උනත් ආදරේ අඩුවක් නම් උනේ නෑ. ඒත් කව්රුත් ඒක දැක්කෙ නෑ. හැමෝම දැක්කෙ එකපාර නිඛිල්ව අතාරලා දාපු දෙව්හස්ව විතරයි. එයාලා දැක්කෙ නෑ තමන්ගේ අම්මාට අච්චර දේවල් කරලත් නිඛිල් වෙනුවෙන් හිතහදාගන්න උත්සාහ කරන දෙව්හස්ව. උන දේවල් නිසා ඒ දවස්වල දෙව්හස් නිඛිල්ව මඟෑරියේ එයාගෙ හිතේ තිබුන වේදනාවට පීඩනේට එයා එයාගෙ ආර්‍යන්ට බනී කියලා හිතලා. මොකද සමහර වෙලාවල්වල හිතේ තිබුන ආවේගේ එක්ක දෙව්හස් අතින් නිඛිල්ගෙ හිත රිදෙන ඒවා කියවුනා. ඉතින් ඒ නිසාමයි දෙව්හස් පුලුවන් තරම් නිඛිල්ව මඟෑරියේ. ඒත් ආර්‍යනුත් ඒක පොඩ්ඩක් හරි තේරුම් අරන් බැන්නත් කමක් නෑ කියලා දෙව්හස් ලඟින් හිටියා නම් අද මේ දේවල් මේ විදිහට නොවෙන්න තිබුනා.