දෙවන දිගහැරුම

5.2K 716 71
                                    




" පුතා ඉක්මනින් බඩු ලෑස්ති කරගන්න. අපිට දැනම් කොත්මලේ යන්න වෙනවා. "

" මොකක් තාත්ති ? කොත්මලේ ? දැන් ? "
" අම්මිගෙ තාත්ති නැති වෙලා. අපිට දැන්ම යන්න වෙනවා. "

තාත්තා කියපු දේත් එක්ක නිඛිල් බැලුවෙ තමන්ගෙ අම්මගෙ කාමරේ දිහා. අවුරුදු ගානකින් ගමේ නොගියට පවුලෙන් අයින් කලා උනත් එයාගෙ අම්මි සීයාඅප්පච්චිට ගොඩක් ආදරේ කරනවා කියල නිඛිල් දන්නවා. සීයාඅප්පච්චි තමන්ගෙ දුවව නැති උනේ නිඛිල් නිසා කියන තරහ තවමත් හිතේ තියාගෙන ඉන්නවා කියල ගෙදර කතාබහ වෙන දේවල් වලින් නිඛිල් දන්නවා උනත් පොඩි දේටත් හිත උනුවෙන කොල්ලගෙ ඇස් මේ වෙනකොටත් තෙත් උනේ අම්මි විස්තර කියන සීයාඅප්පච්චිව මතක් වෙලා. ඉතින් තාත්ත අම්මිගෙ කාමරේට ගිහින් දෑනටමත් අඩන අම්මිව සනසවද්දි නිඛිල් බඩු ලෑස්ති කරගත්තෙ පලවෙනි පාරට කොත්මලේ යන්න !

ගොඩක් අය යන කොත්මලේ ඩෑම් එක බලන්න යන පාර නෙවෙයි වැඩිය ප්‍රසිද්ධ නැති ඒත් වලව්කාරයෝ වගේම මුල්ගම්කාරයෝ අදටත් ජීවත් වෙන පුස්සැල්ලාව - කොත්මලේ පාරෙ කොත්මලේ කිට්ටුව කියන්නෙ ලංකාවේ ද කියල හිතාගන්න බැරි ලස්සන පාරක්. මාස්වෙල මාවෙල පාරෙන් යනවා වෙනුවට පුස්සැල්ලාව පාර තොරගත්තු ස්කොට්ට පින්සිද්ද වෙන්න නිඛිල් හිටියේ මේ ලෝකෙ සිහියෙන් නම් නෙවෙයි. එයාගෙ ස්පොටිෆයි ඇප් එකේ vintage කියල සේව් කරන් තිබ්බ ප්ලේ ලිස්ට් එක ඕපන් කරන් airpods දෙකත් කනේ ගහගෙන ඒ පාරෙ යනකොට නිඛිල් ට දැනුනෙ වෙනමම ෆීලීන් එකක්. වෙනදට ගමනක් යද්දි කාර් එක දෙදරන්න කෑ ගහන අම්මි තාත්තිත් අද නිශ්ශබ්ද නිසා නිඛිල්ට මෙහෙම ගමනක් යන එක කොහොමත් අලුත් අත්දැකීමක්. එයාට දැනුනෙ කියාගන්න තේරෙන් නැති හැඟීමක්. හරියට මොකක්දෝ මගෑරුන දෙයක් තියෙනවා වගේ හැඟීමක්.

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
ආර්‍යආත්ම ( Aaryathma )Tempat cerita menjadi hidup. Temukan sekarang