" අපිට මේකට කරන්නම දෙයක් නැද්ද අන්කල් ? මොකද මට ශාලිනීව විශ්වාස කරලා මේ ගැන කියන්න හිත දෙන්නෙම නෑ. කොහොම මොන හේතු කිව්වත් එයා අපිට කිව්වෙ නෑ නෙ නිඛිල් ඉන්නෙ එයාලා ගාව කියලා. අඩුම ඇඟෙව්වෙවත් ? ඉතින් ඒ නිසා එයාට කියන එක ඩේන්ජරස් නැද්ද ? "
සස්මිත එයාලට එයා දන්න සම්පූර්ණ කතාව කියලා වලව්වෙන් පිටත් වෙලා දැන් පැය තුනකට කිට්ටු වෙලා තිබුනා.
කොච්චර හිතුවත් එයාලට මේ වෙලාවේ කරන්න කිසිදෙයක් හිතාගන්න බැරි උනා. එහෙන් දෙව්හස් හිටියේ තනිකරම පිස්සුවෙන් වගේ.
මෙතන වලව් ගැන වගේම දේවේන්ද්රලා ගැන හොඳටම දන්න දෙව්හස් හිටියේ මෙන්ටලි ඩවුන් වෙලා වෙනකොට අනිත් අයත් අසරණ උනේ කරගන්න දෙයක් නැතුව. මොකද මේ වෙලාවේ දෙයක් සැලසුම් කරන්න තරම් මානසිකත්වයක් දෙව්හස්ට තිබුනෙ නෑ.
ඉතින් අන්තිමේ නිතින් තීරනය කලා මේ හැමදේම අනුරාධ හාමුට කියන්න. මොනවා උනත් විසි ගණන්වල කොල්ලො තුන් හතරදෙනෙක්ට තනියම මේ වගේ දේකට මූණ දෙන එක කරන්න බෑ කියලා එයාට තේරුනා.
අනිත් අතට කොච්චර දේවල් අම්මාගෙනුයි තාත්තාගෙනුයි හැංගුවත් මේ දේ එයාට හංගන්න හිත දුන්නෙ නෑ. ඒ ඉන්නේ නිඛිල් වදපු දෙමව්පියෝ. එයාලට අයිතියක් තියනවා මේ දේවල් දැනගන්න. ඉතින් කෙලින්ම එයාම කතා කරලා කියලා අම්මවයි තාත්තවයි බය කරන්න බැරි නිසා නිතින් මුලින්ම මේක කීවේ මේ උන දේවල් ගැන යම්දුරකට හරි දන්න අනුරාධ හාමුට.
අනුරාධ හාමු හිටියේ නිඛිල් එක්ක තරහින් නිසා මේකට කොහොම රිඇක්ට් කරයිද කියලා. ඒ නිසා එයා අභිශේක් එක්ක එකතු වෙලා සම්පූර්ණම කතාවම මුල ඉඳන් අනුරාධට කීවේ දෙව්හස් වගේම එයත් නොසෑහෙන්න පසුතැවෙද්දි. ඉතින් අනුරාධ එයාටම වගේම නිතින්ටත් දෙව්හස්ටත් පොරොන්දු උනේ නිඛිල්ව බේරගන්න ඕනෙම දෙයක් කරනවා කියලා.
ඒකේ ප්රතිඵලයක් විදිහට අනුරාධ හාමු පුළුවන් විදිහට බර අඩු කරලා වෙලා තියන දේ ආධ්යාට වගේම ස්කොට්ට කීවේ ඒ දෙන්නට මුලින්ම උන දේ හිතාගන්නවත් බැරි වෙද්දි. අන්තිමේදි වීඩියෝ කෝල් එකක් අරන් නිතිනුත් උන දේවල් පැහැදිලි කලේ ආධ්යාට කෑ ගැහිලම ඇඬෙද්දි. පේන්න ඇඬුවේ නැතත් ස්කොට්ගේ ඇස්වල පවා වැටෙන්න පොරකන කඳුලු දැක්ක නිතින්ගේ ඇස්වලටත් ඉබේටම කඳුලු ආවේ
VOCÊ ESTÁ LENDO
ආර්යආත්ම ( Aaryathma )
Não Ficção" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"