සාමකාමීත් නොවන කලබලකාරීත් නොවන දවස් තුනක් ගෙවිලා ගියේ විශේශ සිදුවීම් කිහිපෙකුත් එක්ක. ඒකෙන් පලවෙනි එක උනේ නිඛිල් කියන්නෙ කලු පටි කුංෆු ක්‍රීඩකයෙක් කියල දෙව්හස් දැනගත්ත එක. ඒකත් එක්ක දෙව්හස්ට ලොකු සහනයක් දැනුනේ එයාට එහෙනම් සටන් ගැන අමුතුවෙන් උගන්නන්න දෙයක් නැති නිසා. මොකද කරාටෙ ටයිකොන්ඩෝ වලටත් වඩා කුංෆු කියන්නෙ හිතත් එක්ක ප්ලේ වෙන ගේම් එකක් කියල දෙව්හස් දන්නවා ඉතින් එයාට උගන්නන්න ඉතුරු උනේ අභ්‍යන්තර ශක්තිය පාලනය කරන්න, ආත්ම පාලනය, නිල ශාස්ත්‍රය වගේ කීපයක් විතරයි.
අනිත් එක නිඛිල්ගේ කුංෆු හැකියාව බලන්න කියල කරපු ෆයිට් එකෙන් පස්සෙ හවස නිඛිල්ට වගේම එයාටත් පලවෙනි පාරට සටනක් ඉවර වෙලා වෙනිවැල්ගැට තම්බල බොන්න උනේ දෙන්නගෙම සටන් හැකියාවන් එක්කට එකක් පරාද වෙන් නෑ කියල දෙන්නටම පෙන්නනලා.
අනිත් අතට අභ්‍යන්තර ශක්ති පාලනය එහෙම ගත්තම නිඛිල් මේ දවස් තුනට දෙව්හස් අවුරුදු ගානක් ඉගෙන ගත්තු ඒවා ඉගෙන ගත්තා. ආත්ම හුවමාරුවත් එක්ක දෙව්හස්ගේ ශක්තීන්වලින් භාගයක්ම නිඛිල්ගේ ආත්මය එක්ක සම්බන්ධ වෙන එක ඒකට හේතුව කියලා අනුරාධ කීවත් ඊටත් වඩා නිඛිල්ගේ ඇග ඇතුලින්ම ඒ පවර් එක එනවා කියල දෙව්හස් අනුමාන කලා.
මොකද එදා ආත්ම හුවමාරුව දවසේ වතුර භාජන හෙලවුනඑක, ශාලිනීව වතුරට ඇදලා දාපු එක වගේම නිඛිල් කියපු විදිහට එයා ගඟට වැටිලා සෑහෙන වෙලාවක් වතුර යට හුස්ම අරන් තියෙන එක, ඔක්කොමත් හරි දවල්ටත් කන්නාඩි පාවිච්චි කරන නිඛිල්ට එයා කියන විදිහට වතුර යට පැහැදිලිව පෙනුනා කියන එක එක්ක එයාට වතුර එක්ක මොකක් හරි ලොකු බැඳීමක් තියෙනවා කියල දෙව්හස්ට තේරුනා. ඒත් දෙව්හස් තාම ඒකට අත ගැහුවේ නැත්තෙ අභ්‍යන්තර ශක්තියවත් හරියට පාලනය කරගන්න බැරුව ඔච්චර දේකට අතගහල මොකක් හරි නරක දෙයක් වෙයි කියන බයට.
දෙව්හස් එහෙම්ම බැලුවේ අංගම්පොල මායිමේ තියෙන ගහක් යට වාඩි වෙලා කඳට හොද හේත්තුවක් දාගෙන නිදි කිර කිර තමන් අංගම් පුහුනු වෙනවා බලන් ඉන්න නිඛිල් දිහා. දෙව්හස් අංගම් පුහුනු වෙන්න පාන්දර හතරට එනකොට නිඛිලුත් නිදිමතේම දෙව්හස් පස්සෙ එන්නෙ කොච්චර කීවත් එයාට එයාගෙ ආතූ අංගම් පුහුනු වෙන හැටි බලන්න ඕනෙ කියල. ඔව් මේ දවස් තුනට උන තව දෙයක් තමයි ඒකාත්ම එක නිඛිල්ට ආතූ උන එක !!
ESTÁS LEYENDO
ආර්යආත්ම ( Aaryathma )
No Ficción" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"