වාහන දෙක තුනක් එක්ක බයික් පහ හයක් මහ රෑ වත්ත ඇතුලට දාද්දි දේවේන්ද්‍ර මුරකාරයෝ කලබල උනත් ඒ ඉන්නේ සූරියබණ්ඩාරලා කියලා දැනගත්තම කලබලේ පුදුමෙකට පෙරලුනේ මේ රෑ ඒ විදිහට සෙනඟ පිරිවරාගෙන එන්න හේතුව හිතාගන්න බැරි වෙද්දි.
මුර කුටියේ ඉඳන් දේවේන්ද්‍ර මහ ගෙදර මිදුලට වත්ත මැදින් තියෙන කිලෝමීටර් භාගෙක විතර දුර ගියපු තැන වාහනවලින් කට්ටිය බැහැගත්තේ වාහන ඇවිත් නතර කරපු සද්දෙට දේවේන්ද්‍ර මහ ගෙදර වැඩට ඉන්න අය වගේම ශාලිනීත් එලියට ඇවිත් බලද්දි.
" දෙව්හස් අයියේ ? මේ මොකද මේ ? මේ රෑ මේ සෙනඟ ගොඩක් එක්ක ? "
එකපාර වාහනවලින් බැහැපු සෙනඟ වගේම හංගන් හිටියත් එයාලා ගාව ආයුධ තියෙනවා කියලා තේරුන ශාලිනී පොඩ්ඩක් කලබල උනේ නරක දෙයක් වෙන්න යනවා කියලා දැනුන හැඟීනමත් එක්ක. එහෙම්ම එතන හිටපු කෙනෙක්ව රෝහණව එක්කන් එන්න යවපු ශාලිනී දෙව්හස් ඉස්සරහට ගියේ ඒ පමාවට නිතින් අභිශේක් අනුත්තර තුන් දෙනා හිමීට වාහනෙන් බැහැලා මිදුලේ එක අඳුරු කෙලවරකට වෙන්න තිබුන ලොකු නුග ගහක් පිටිපස්සට මුවා වෙද්දි.
" ආවේ ඇයි කියන එක අහන්න දෙයක්ද ශාලිනී ? මම ආවේ නිඛිල්ව එක්කන් යන්න. ඔයාලා හංගන් ඉන්න කඩදොර උරුමේ උරුමක්කාරයාව අරන් යන්න ! ඔයාලා එයාව හංගන් හිටියා කියලා වැඩක් නෑ නේ. නිකන් බොරුවට මෙතන ලේ හලන්න තියාගන්නෙ නැතුව එයාව අපිට භාර දුන්නා නම් හොඳයි. "
දෙව්හස් ලේසියකට තමන්ගේ අයට පාවිච්චි නොකරන එයාගේ ගැඹුරුම කටහඬ එයාටත් නොදැනීම එලියට ආවේ එයාගේ හිතේ කැකෑරෙන තරහ එලියට දාන්න බැරි නිසාම දත්මිටිකාගෙන තරහ පාලනය කරගන්න උපරිම උත්සාහ කරද්දි. දෙව්හස්ගේ ඒ හැසිරීමට වගේම කටහඬට ශාලිනී ගැස්සිලා ගියේ ඒ කටහඬේ තිබුන ආධිපත්‍යයම ස්වරූපයට. ඒත් එයා මුකුත් කියන්න කලින්ම රෝහණ දේවේන්ද්‍ර එතනට ආවේ දෙව්හස්ගේ ඇස් රෝහණගේ ඇස් එක්ක එක එල්ලේම ගැටෙද්දි.
" දෙව්හස් හාමු මොකටද ආවා කිව්වෙ ? "
රෝහණගේ කටහඬේ තිබුන සමච්චල් ගතියට සමච්චල් හිනාවක් දීපූ දෙව්හස් අඩියක් ඉස්සරහට තිබ්බේ රෝහණත් සද්ද නැතුව බලාගෙන ඉද්දි.
YOU ARE READING
ආර්‍යආත්ම ( Aaryathma )
Non-Fiction" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"