" දෙහදුකඩුල්ල !! ඒ දෙහදුකඩුල්ල !! "
ශාලිනී කියපු පීල්ලේ ගෙදර කඩුල්ල කියපු එකින් නිඛිල්ට මතක් උනා එයා කොහෙදිද කඩුවක් ගැන අහලා තිබ්බෙ කියලා.
ශාලිනී කියපු දේවල් අහන්න නතර නොවුනු නිඛිල් කෙලින්ම ගියේ දෙව්හස් හම්බෙන්න. මොකද ගිය පාර ගිය වෙලාවේ පරණ සූරියබණ්ඩාර වලව්වෙ තිබුන මෙයාලට වැදගත් වෙයි කියලා හිතුන සමහර පොත් වගයක් මේ දෙන්නා අරන් ආවා. නිඛිල්ට හොඳටම මතකයි ඒ පොත් අස්සෙ මේ දෙහදුකඩුල්ල ගැන විස්තර තිබ්බ පොතත් තිබ්බා කියන එක. එයාට ඕන උනේ කඩුවක් ගැන කියවෙන තැන එතනද කියලා ශුවර් කරගන්න.
" ඒකාත්ම මට පොත් කාමරේ යතුර ඕනෙ ! දැන්ම ! "
නිඛිල් එකපාර පාත්වෙලා කලබලෙන් වගේ අහපු දේ එක්ක දෙව්හස් පුදුම උනත් එයා මුකුත් නොකියා එයාගාව තිබුන යතුරුකැරැල්ලෙන් පොත් දාල තිබුන කාමරේ යතුර නිඛිල් අතට දුන්නා.
දෙව්හස්ගෙන් යතුර හම්බුන පමාවට නිඛිල් ගියේ පොත් කාමරේට. එදා එයාලා අරන් ආපු පොත් ගොඩ මේසයක් උඩ වෙනම තියෙද්දි එයා එතනට ගියේ එකින් එක පෙරලලා හරි මේ ගැන විස්තර තිබුන් පොත හොයාගන්න බලාපොරොත්තුවෙන්. ඒත් මහ වෙලාවක් යන්න කලින්ම එයාට ඒ පොත හොයාගන්න පුළුවන් උනා. ඒක කොත්මලේ, කොටගේපිටිය, කඩදොර පැති ගැන විස්තර ලියලා තිබුන පොතක්. නිඛිල් පොත පෙරලන් පෙරලන් ගියේ දෙහදුකඩුල්ල ගැන ලියවුනු තැන ගැන හම්බෙනකන්.
" ගැමුණු කුමරු කොත්මලයට පැමිණ දිවිගෙවූ "කොටගේපිටිය" ගම්මානයට පිවිසෙන්නේ ද මෙම ස්ථානයෙනි. එම මාර්ගය ලෙස භාවිතාකරන ලද ගල් පඩිපෙලක් ද මෙහි දී දැකගත හැකිය "
ඒ පිටුවේ තිබුනේ එයාට වැදගත් දෙයක් නෙවෙයි කියලා තේරුන නිඛිල් තවත් ඒ පිටුව කියවන්නැතුව කෙලින්ම එහා පිටුව පෙරලුවේ එයා හිතපු දේ හරිද කියලා බලන්න එහා පිටුවේවත් දෙයක් තියෙයිද බලන්න. එයා හිතපු විදිහටම ඒ දේ ඒ පිටුවේ තියෙද්දි නිඛිල් පොතත් අරන් නිතින්ගේ කාමරේට ගියේ දෙව්හස්ව එක්කන් එන්න කියලා අභිශේක්ට කියන ගමන්.
" රුහුණේ සිට මායාරටට පිවිසීමට ඇති ප්‍රධාන දොරටුවක් ලෙස මෙය හැඳින්වේ. රුහුණු රටේ සිට මායාරටට පිවිසීමට කඩදොර, වටදොර, නියන්ගන්දොර හා ගල්දොර වශයෙන් දොරටු හතරක් ඇත. ගැමුණු කුමාරයා රුහුණේ සිට පැමිණ සිය මඟුල් කඩුව මෙම කඩදොර හෙවත් දෙහදුකඩුල්ල ස්ථානයේ සඟවා තැබූ බව කියවේ "
BẠN ĐANG ĐỌC
ආර්‍යආත්ම ( Aaryathma )
Phi Hư Cấu" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"