A/N - පුලුවන් නම් උඩ දාලා තියෙන tumhi ho එක අහන ගමන් කියවන්න. නැත්තම් spotify එකෙන් අරන අහන්න කියවන ගමන්. මම මේක ලීවේ ඒක අහන ගමන්." අහ්හ්හ් "
නිඛිල් හිටියේ සිහියත් අසිහියත් අතරේ සිහිය රඳවගන්න උපරිම උත්සාහයක යෙදෙන ගමන්. උඩ තිබ්බ බාර් එකට ගැට ගහපු අත් නොසෑහෙන්න වේදනා දුන්නත් එයා ඒකට ස්තූතිවන්ත උනේ එහෙම නොවෙන්න එයා මේ රෝහණ දේවේන්ද්‍රගේ රූකඩ දෙක ඉස්සරහ ඇදන් වැටෙනවා කියලා තේරුන නිසා.
වේද් ඉරලා දාපු නිඛිල්ගේ ඇස්වල පාටම උනු එයා ඇඳන් හිටපු ටී ශර්ට් එක එතන බිම වැටිලා තිබුනේ නිඛිල්ගේ අත්වල විතරක් නෙවෙයි පපුවේ වගේම බඩේත් තැනින් තැන රතු පාට තැලුම් පාරවල් ඉතුරු කරලා.වේද්ව වගේම අශ්වින්වත් තවත් තරහ ගැස්සුවේ නිඛිල්ගේ නිශ්ශබ්දතාවය. නිඛිල් විතරයි දන්නෙ එකපාරක් අවසානේ තව පාරක් වදිද්දි ඒ දැනෙන වේදනාව පොඩිම සද්දයක්වත් පිට නොකර දරාගන්න කොච්චර අමාරු උනාද කියන එක. ඒත් අන්තිමේ නිඛිල්ගේ දරාගැනීම අන්තෙටම යනකොට එයාගේ කටින් කෙඳිරුමක් පිට උනේ වේද්ගේ වගේම අශ්වින්ගේ මූනුවල මහ සමච්චල් බැල්මක් ඇඳෙනකොට.
වේද්ටයි අශ්වින්ටයි නිඛිල්ගේ වේදනාබර සුසුම් වගේම කෙඳිරිලි එයාලගේ ජයග්‍රහණයක් වගේ දැනෙද්දි එයාලගේ පහරවල් වල වේගය වගේම සැරත් එන්න එන්නම වැඩි උනේ නිඛිල්ගේ ඇස් පවා බොඳ වේගෙන එද්දි.
ඔය අතරේ දෙව්හස් හිටියේ නිඛිල් ගිය වෙලාවේ ඉදන් උන දේවල් එකින් එක ආපහු මුල ඉඳන් කල්පනා කරලා හෙම්බත් වෙලා. ඔක්කොමත් හරි එයා ඒ විදිහට කල්පනා කරද්දි ශාලිනී - නිඛිල් ගැටුමේදි ශාලිනී රඟපෑවේ අහිංසක චරිතයක් උනත් එයා ඇත්තටම එහෙම ද කියන සැකේ දෙව්හස්ට පලවෙනි පාරට දැනුනා.
DU LIEST GERADE
ආර්‍යආත්ම ( Aaryathma )
Sachbücher" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"