පනස්හතරවෙනි දිගහැරුම

2.5K 438 120
                                    

නිඛිල් හිමීට ඇස් අරින්න උත්සාහ කලේ එයාගෙ මුලු ඇඟම තලලා දාලා වගේ දැනුන නිසා. එයාගෙ අතපයවත් එයාට හොල්ලන්න බැරි විදිහට මොකකට හරි හිරවෙලා කියල දැනෙද්දි එයා හිමීට ඇස් ඇරියේ ඇස් පියන් ඇරගන්න පවා එයාට අමාරු වෙද්දි.

විනාඩි දෙකක් විතර අමාරුවෙන් උත්සාහ කරලා ඇස් ඇරගත්තු නිඛිල් එකපාර ගැස්සුනේ නොහිතපු වෙලාවක ඇහුනු බලාපොරොත්තු නොවුන කටහඬ නිසා.

" ආ නිඛිල් හාමු මහත්තයා නැගිටලා වගේ ? "

කිණ්ඩියට හිනාවෙන ගමන් තමන්ගේ ඉස්සරහ ඉන්න ශාලිනී දිහා නිඛිල් පුදුම වෙලා බැලුවේ එයාට මේ වෙන දේවල් තාම හරියට තේරුනේ නැති නිසා.

නුවරඑළියේ හිටපු තමන් එක කහපාට ලයිට් එක්කින් විතරක් එලිය උන කාමරේක පුටුවක මේ වෙද්දි ගැටගහල ඉන්නෙ කොහොමද කියන එක එයාට හිතාගන්න බැරි උනා.

" මොකද ඔහොම බලන්නෙ. මහ ලොකු උරුමක්කාරයාලු නේද ? තමුන් දැනටම බය වෙලාද ඉන්නෙ ආ..? "

හිනා වෙන ගමන් ශාලිනී ඇහුවේ නිඛිල් ශාලිනී දිහාම බලාගෙන ඉද්දි. රතු දිග සායට වෙනදා වගේම කුර්තා ටොප් එකක් ඇඳලා කලු කැරලි කොණ්ඩේ කඩලා දාලා හිටපු ශාලිනී ඇත්තටම ලස්ස්නයි. හැබැයි ඒ ලස්සන එයාගෙ නපුරුකම නිසා හැංගිලා ගිහින් කියලා නිඛිල්ට හිතුනා.

" ශාලිනී මට කියනවද මෙතන මොකද වෙන්නෙ කියලා. නුවරඑළියේ හිටපු මාව මෙහෙ ගෙනල්ලා මේ විදිහට ගැටගහන් හිර කරන් ඉන්න එකේ තේරුම මට කියනවද ඔක්කොටම කලින් ?"

නිඛිල් එයාගේ අලු පාට ඇස්වලින් ශාලිනීගේ කලුපාට ඇස් දිගා සෘජුව බලන ගමන් ඇහුවේ පලවෙනියටම ඇල ගාව ඒ අලු ඇස්වලට කලු ඇස් හම්බුනාම ගැස්සුන විදිහටම අදත් ශාලිනී ගැස්සෙද්දි. මොකද මොනා උනත් එයා බලාපොරොත්තු උනේ නිඛිල් බය වෙලා කලබල කරයි කියලා. ඒත් ඒ වෙනුවට තමන් දිහා කෙලින්ම බලාගෙන හරිම සන්සුන් විදිහට එහෙම අහද්දි ශාලිනීට තේරුනා නිඛිල් කියන්නෙ එයාලා හිතන තරම් අහිංසක බොලඳ කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි ඒ දේ ශාලිනීව බය කලා. එහෙම උනොත් මේක ලේසියෙන් ඉවර වෙන එකක් නෑ කියලා එයා බය උනා.

ආර්‍යආත්ම ( Aaryathma )Donde viven las historias. Descúbrelo ahora