දෙහදුකඩුල්ලෙන් ආවට පස්සෙ කට්ටිය ආපහු පොත් අස්සට වැදුනේ දොරටුව විවෘත කරන්න නැකතක් මොකක් හරි තියෙනවද කියලා බලන්න. දෙව්හස් නිඛිල් එක්ක එකතු වෙලා ආපහු අර පරණ පොත් ඇදගෙන විස්තර හොයද්දි දෙව්හස් ශාලිනීටයි සස්මිතටයි භාර දුන්නෙ මේ මාසෙ තියෙන හොඳ දවසක් බලලා හරි නැකතක් හදන්න කියන එක. මොකද බැරිවෙලාවත් කිසිම තැනක නැකතක් ගැන සඳහනක් නොවුනොත් එයාලට තියෙන ඊලඟ විසඳුම ගැලපෙන නැකතක් හදාගන්න එක නිසා.
දෙව්හස් නිඛිල් දෙන්නා මාරුවෙන් මාරුවට පොත් පත් පෙරලන් විස්තර හෙව්වේ ඒ ගමන්ම තාමත් ඇඳට උන මංගලා මැනිකෙගේ දේවලුත් කරන ගමන්. කොච්චර ඇඳට උනත් වලව් මාන්නෙ උපරිමේටම තිබ්බ මංගලා කැමති උනේ නෑ එයාගේ වැඩ පවුලේ අය ඇරුනම වැඩට ඉන්න අය කරනවට.
වෙනදට මංගලාගේ වැඩවලින් භාගෙකට වඩා කලේ ශාලිනී උනත් මේ නැකත් හොයන වැඩේ නිසා එයාට ඒක සීමා කරන්න උනා. හරියට හදනවා නම ප්රභල නැකතක් හදනවා කියන්නෙ ලේසි දෙයක් නෙවෙයි. ඒකට හෝරා විසිහතර ගැනම තප්පරෙන් තප්පරේ අවධානෙ දීලා කරන්න ඕනෙ දෙයක්. ඒ නිසා ශාලිනීට වෙනදා තරම් සූරියබණ්ඩාර වලව්වට එන්න වෙලාවක් හම්බුනෙ නෑ.
හැබැයි පුදුමේ කියන්නෙ නිඛිල්ගේ හැසිරීම. පහු ගිය කාලෙ පොඩි දේටත් ඉක්මනින් තරහ ගත්තු නිඛිල් මේ දවස්වල ඕනෙවටත් වඩා සන්සුන් වෙලා හිටියා. සන්සුන් වෙලා කියනවටත් වඩා හොඳම වචනේ මුලුගැන්විලා කියන එක. වලව්වෙ අය එක්ක විතරක් නෙවෙයි නිතින් එක්ක පවා කතා බහ කරන එක අඩු කරපු නිඛිල් පුළුවන් හැමවෙලේම බැලුවේ තනි වෙන්න. සමහර වෙලාවට එයා හැසිරුනේ හරියට හීන ලෝකෙක ඉන්නවා වගේ. නිතින් එයාව කතාබහට අල්ලගෙන පොඩ්ඩක් සෝශලයිස් කරන්න ට්රයි කලත් නිඛිල් හැමවෙලේම ඒක ප්රතික්ෂේප කලා. එයා කීවේ එයාට ඕනෙ උනේ ටිකක් නිදහසේ ඉන්න කියලා. අනිතිමේ නිතිනුත් නිඛිල්ටම ඉඩ දීලා බලාගෙන ඉන්න තීරනය කලේ නිඛිල්ට තවත් කිව්වොත් ඒකත් එයාට වදයක් වෙයි කියලා හිතුන නිසා.
ඔක්කොමත් හරි මුලින් මංගලා එක්ක කතාවත් කරන්න අකමැති උන නිඛිල් කැමැත්තෙන් ඒ වැඩවලට උදව් කරපු එක. ශාලිනීගේ අඩුවත් ඒකෙන් පිරිමැහෙන නිසා දෙව්හස් උනත් මුකුත් නොකියා ඒකට ඉඩදුන්නෙ ඒකෙන්වත් මංගලායි නිඛිලුයි අතරේ හොඳ විදිහේ බැඳීමක් ඇති වෙයි කියලා හිතලා. ඒත් මංගලා නම් ඒකට කැමති උනේ නෑ. එයා නිඛිල් ලඟට ආවත් කලේ බැනපු එක. නැත්නම් එයාව වැට්ටුවා කියලා ඇනුම්පද කියපු එක. ඒත් දෙව්හස් මැදිහත් වෙලා නිඛිල්ට එක අවස්ථාවක් දෙන්න කියලා ඉල්ලපු නිසයි නිඛිල් උනත් වෙනදා වගේ නෙවෙයි කොච්චර බැන්නත් සද්ද නැතුව අහගෙන ඉන්න නිසයි මංගලා ඒකට කැමති උනේ එයාටත් එයාගෙ වැඩ කරගන්න කෙනෙක් නැති නිසා.
YOU ARE READING
ආර්යආත්ම ( Aaryathma )
Non-Fiction" කඩදොර උරුමය නුබයි ! එය රැකගන්න. භාරකරු සොයාගන්න !!"