තිස්අටවෙනි දිගහැරුම

2.3K 386 26
                                    

සාමාන්‍යයෙන් kidney donor දවස් හතක් ඇතුලත හොස්පිට්ල් එකෙන් ඩිස්චාජ් කරනවා. ඉතින් නිඛිල්වත් දවස් පහක් ඇතුලත් ඩිස්චාජ් කරද්දි අනුත්තර එයාලට වලව්වෙ ඉන්න බැරිනම් කැමති කාලයක් එයත් එක්ක මේ හිටියා වගේ ඉන්න කියලා ආරාධනා කලත් නිඛිල් කීවා එයාට වලව්වෙ ඉන්න ඕනෙ කියලා. නිතින් මේකට තදින්ම විරුද්ධ උනත් නිඛිල් කීවේ වල්ව්වෙ මේ දවස්වල දෙව්හසුත් නෑ අනුරාධ හාමුත් වැඩවලට යන නිසා හැමවෙලේම නෑ මංගලා මැනිකෙත් එයාගේ කාමරේ නිසා එයාට ප්‍රශ්නයක් නෑ කියලා.

නිඛිල්ට ඕනෙ මේ දේවල් කොහොමහරි ඉවරයක් වෙනවා දකින්න කියලා නිතින්ටත් තේරුන නිසා එයා නිඛිල්ගේ තීරනවලට මැදිහත් උනේ නෑ. වැඩිය ඕනෙ නෑ ස්කොට් පවුලට නිඛිල් මේ kidney transplant එක ගැන දැන්ම කියන්න එපා කියලා කියපු නිසා නිතින් අකමැත්තෙන් උනත් ඒකත් නොකියා හිටියේ නිඛිල්ගේ ජීවිතේ තීරන ගන්න අයිතිය තියෙන්නෙ නිඛිල්ටම විතරක් නිසා.

කොහොම උනත් අනුරාධ හාමු උනත් කීවේ දෙව්හසුත් මේ උරුමේ කතාව ඉවරයක් වෙනකන් නිඛිල් වලව්වෙ ඉන්නවට කැමති කියලා. ඉතින් දෙව්හස්ව ඩිස්චාජ් කරන්න තව සතියක් විතර යන නිසා නිඛිල් එක්ක නිතින් වගේම අභිශේකුත් මේ නිසා ආපහු වලව් ජීවිතේට ඇතුලත් උනා.

......................................................................................

ඔය අතරේ දේවේන්ද්‍ර පවුල ඇතුලේ තිබුනෙ වෙනම ලොකු කලබලයක් !

දෙව්හස්ට වස පෙවිලා කියන ආරංචිය සූරියබණ්ඩාර පවුල ඇරුනම දැනන් හිටිය එකම පවුල උනේ දේවේන්ද්‍රලා. එයාලට උනත් අනුරාධ කීවේ විසක් පෙවිලා කියලා මිසක් උනේ කොහොමද කින්ද මන්ද මුකුත් කීවෙ නෑ. ඒත් ශාලිනී මේ වෙනකොටත් නම්මගෙන හිටපු වලව්වෙ වැඩ කරන කෙනෙක්ගෙන් එයාට ආරංචි උන වස පෙවිලා නෙවෙයි නිඛිල් මංගලාට දෙන්න ගියපු වස එකක් වැරදිලා දෙව්හස් බීලා කියලා.

ඒක අහපු වෙලාවේ ශාලිනීට නිඛිල් ගැන ආවේ කියාගන්න බැරි තරම් තරහක්. උරුමේ යකාට ගියාදෙන් කියලා නිඛිල්ගෙන් පලිගන්න ශාලිනීට ඕනෙ උනත් රෝහණ දේවේන්ද්‍ර මැදිහත් වෙලා ශාලිනීව පාලනය කරගත්තෙ එයා මොනා හරි නිඛිල්ට මේ වෙලාවේ කලොත් ඒක එයාලගේ හැම සැලැස්මක්ම විනාශ කරල දාන නිසා. ශාලිනී උනත් සීයා කියපු විදිහට බලාගෙන ඉන්න එකඟ උනේ බැරිවෙලාවත් දෙව්හස්ට මොනා හරි උනොත් නිඛිල්ව මරලා දානවා කියලා එයාටම පොරොන්දුවක් දීලා. මොකද දෙව්හස් කියන්නෙ ශාලිනී ආදරේ කරන කෙනා. නිඛිල් වගේම නෑ ඊටත් වඩා  වැඩි කාලයක් ශාලිනී දෙව්හස්ට ආදරෙ කරන්න පටන් අරන්. ඉතින් එත්කොට දෙව්හස්ට නිඛිල් වස දුන්නා කියලා ආරංචි උනාම නිඛිල් ගැන තරහක් ඇති වෙන එක සාධාරණයි.

ආර්‍යආත්ම ( Aaryathma )Où les histoires vivent. Découvrez maintenant